කුලියාපිටියේ සමූප ඡන්දයකදීත් පොහොට්ටුවට දරුණු පරාජයක් !

0
849

කුලියාපිටිය හොරොම්බාව විවිධ සේවා සමූපකාර සමිතියේ ඡන්ද විමසීමේදී මෙතෙක් එහි බලය හෙබවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දරුණු පරාජයකට ලක්ව තිබේ.

කුලියාපිටිය හොරොම්බාව විවිධ සේවා සමූපකාර සමිතියට සභිකයින් 92 දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පෙරේදා (26) දිනයේදී පවත්වා තිබිණි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දිනා ගැනීමට හැකිවී ඇත්තේ සභික ධුර 27ක් පමණක් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව තරග කළ පොදු විපක්ෂ කණ්ඩායම සභික ධුර 65ක් දිනා ගැනීමට සමත් වී ඇත.

පසුගිය සමය තුළ පැවැත්වුණු සමූපකාර ඡන්ද විමසීම් ගණනාවකදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ ආකාරයෙන් පරාජයන්ට මුහුණ පෑමට සිදුව තිබුණු අතර පසුගිය වසර අගභාගයේ පැවති පළාත් පාලන ආයතනවල අයවැය ඡන්ද විමසීම් රැසකදී ද ඔවුන්ට පරාජය වීමට සිදුවිය.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය දැඩි ලෙස හීනවීම මීට බලපා ඇති බව සඳහන්.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here