කුලියාපිටියේ සමූප ඡන්දයකදීත් පොහොට්ටුවට දරුණු පරාජයක් !

Date:

කුලියාපිටිය හොරොම්බාව විවිධ සේවා සමූපකාර සමිතියේ ඡන්ද විමසීමේදී මෙතෙක් එහි බලය හෙබවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දරුණු පරාජයකට ලක්ව තිබේ.

කුලියාපිටිය හොරොම්බාව විවිධ සේවා සමූපකාර සමිතියට සභිකයින් 92 දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පෙරේදා (26) දිනයේදී පවත්වා තිබිණි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දිනා ගැනීමට හැකිවී ඇත්තේ සභික ධුර 27ක් පමණක් වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව තරග කළ පොදු විපක්ෂ කණ්ඩායම සභික ධුර 65ක් දිනා ගැනීමට සමත් වී ඇත.

පසුගිය සමය තුළ පැවැත්වුණු සමූපකාර ඡන්ද විමසීම් ගණනාවකදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ ආකාරයෙන් පරාජයන්ට මුහුණ පෑමට සිදුව තිබුණු අතර පසුගිය වසර අගභාගයේ පැවති පළාත් පාලන ආයතනවල අයවැය ඡන්ද විමසීම් රැසකදී ද ඔවුන්ට පරාජය වීමට සිදුවිය.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය දැඩි ලෙස හීනවීම මීට බලපා ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...