මියන්මාරයෙහි ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් තායිලන්තයටත් බලපෑම්!

Date:

සටහන – පුලී
මාර්තු 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව මියන්මාරයට රික්ටර් මාපකයේ 7.7 සහ 6.4 ක භූමිකම්පා තත්ත්වයක් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තායිලන්තයේ සහ කලාපයේ වෙනත් ස්ථානවල ප්‍රබල කම්පන තත්ත්වයන් ඇති වී ඇති අතර, පළමු කම්පනය සිකුරාදා(අද) දේශීය වේලාවෙන් දහවල් 12:50 ට පමණ (GMT 06:20) සාගිං නගරයේ සිට කිලෝමීටර් 16 ක් (සැතපුම් 10) වයඹ දෙසින් කිලෝමීටර් 10 ක් ගැඹුරට සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මෙම කම්පන තත්ත්වයන්ගෙන් මාර්ග අවහිර වී ඇති බවත් ගොඩනැගිලිවලින් සිවිලිම් කැබලි කඩා වැටී ඇති බවත් වාර්තා විය.

අසල්වැසි තායිලන්තයේ අගනුවර වන බැංකොක්හි, කම්පනයට පත් පදිංචිකරුවන් උස් ගොඩනැගිලිවලින් පිටතට පැමිණෙන අයුරුද දැකගත හැකි විය.

බැංකොක්හි චතුචක් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක සුන්බුන් අතර පුද්ගලයින් සිරවී සිටින බවට ද වාර්තා වන අතර බැංකොක්හි මෙට්‍රෝ සහ සැහැල්ලු දුම්රිය සේවා කිහිපයක් ද අත්හිටුවන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමට තායිලන්ත රජයෙන් රු. මිලි. 10.2ක මුදල් ආධාරයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ‘දිට්වා’ සුළි කුණාටුවෙන්...