පස්ස කහගන්ට නිය පොත්ත නෑ, කතාව ලෝකෙට ගහන්ට ….

Date:

මේක තමා අපිට කෙලවපු උද්දච්ච චින්තනය.. අපි තරම් පොරවල් ලොවෙත් නෑ කියන මරිමෝඩ චින්තනය .. ආයෝජකයෝ මේ රටට එන්න ඕන දනගාගෙන වැඳගෙන කියන චින්තනය.

ස්වභාවික සම්පත් නැති, ප්‍රාග්ධනය, තාක්ෂනය නැති ආර්ථික බංකොලොත්කමෙන් හරියට ගොඩ ආවේ නැති මේ හුන්ඩු දූපතට ප්‍රකෝටිපති විදේශ ආයෝජකයො එහෙම යටත් වෙලා දනගාගෙන බඩගාගෙන එන්ට උන්ට පිස්සුද? උන්ට ආයෝජනය කරන්ට මීටවඩා හොඳ තැන් නැද්ද..?

පිස්සුද, හැටිද ?

අපේ කොන්දේසි වලට යටත් වෙලා අයි එම්. එෆ්. එක අපට ණය දියයුතුයි කිව්වෙත් මෙයාලම නේද..?

මේ මොහොතේ අපට ප්‍රාග්ධනය නෑ, තාක්ෂණය නෑ. විරැකියාව ජාතික අර්බූදයක් වෙලා.. ආයෝජන නැතිව රට දශමයක් ඉස්සරහට යන්නෙ නෑ.. ඒනිසා පාලකයෝ කලයුත්තේ පියවර ගානක් පස්සට ගිහින් හරි ආයෝජකයන් රටට ගෙන්න ගන්න එක..

දැන් ලංකාව ආයෝජනයට සුදුසු රටක්ය යන සංඳාව ලෝකෙ අනික් ආයෝජකයන්ට අදානිගෙ පැමිණීම තුලින් ඇතිවෙනවා.. අදානි කියන්නෙ මෝඩිගෙ සමීපතමයෙක්.. මේ මොහොතේ රටට අත්‍යාවශ්‍ය අසල්වැසි ඉන්දියාවේ හොඳහිත දිනාගැනීමට අදානි ගෙන්වාගැනීම අතිශය වැදගත්..

පස්ස කහගන්ට නිය පොත්ත නෑ… කතාව ලෝකෙට ගහන්ට….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...