සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදය සමඟ කැනඩාවේ පැවති පැරණි ආර්ථික, ආරක්ෂක හා මිලිටරි සම්බන්ධතා මේවන විට අවසන්ව ඇති බව කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි ප්‍රකශ කර තිබේ.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආනයනික වාහන සහ වාහන කොටස් 25% ක බද්දක් පැනවීමත් සමඟ ඊයේ(27)දිනයේදී කැබිනට් රැස්වීමකින් පසු ඔටාවා හි දී මාධ්‍යවේදින අමතමින් මේ බව ප්‍රකාශ කළ අගමැති මාර්ක් කාර්නි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු කැනේඩියාණු ආර්ථිකයට ප්‍රභල තර්ජනයක් වන බවත්, මෙම තීරුබදු වලට එරෙහිව ඇමරිකානු ආර්ථිකයට ද පෙරලා විශාල වශයෙන් තීරුබදු පැනවීමට තමා සුදානම් බවත්ය.
ලිබරල් පක්ෂ නායක කාර්නි, 1965 දී අත්සන් කරන ලද මුල් කැනඩා-ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදන ගිවිසුම ඔහුගේ ජීවිත කාලය තුළ ඇති වැදගත්ම ගනුදෙනුව ලෙස හැඳින්වෙන අතර මෙම තීරුබදු සමඟ එය අවසන් වනු ඇත.
එක්සත් ජනපදය දැනටමත් කැනේඩියානු භාණ්ඩ සඳහා අර්ධ වශයෙන් 25% ක තීරුබදුවක් සහ සියලුම ඇලුමිනියම් සහ වානේ ආනයන සඳහා 25% ක බද්දක් පනවා ඇති අතර ඊට සාපේක්ෂව කැනඩාව මේ වන විට ඇමරිකානු භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 60 ක (ඩොලර් බිලියන 42; පවුම් බිලියන 32) පමණ තීරුබදු පනවා ඇත.