අගමැති මෝදි අප්‍රේල් 04 දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 28, කොළඹ (LNW):

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ, අප්‍රේල් 04 වනදා සිට 06වනදා දක්වා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සිදු වන බවයි

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මස 03 වනදා තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත අතර එරට සිට ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, නරේන්ද්‍ර මෝදි මහතා මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර තවත් දේශපාලන නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

ඉන්දීය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේදී සිදු කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.

අවසන් වරට නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණියේ 2019 වසරේදී වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...