අපි මේ ගේම ගහමු!

Date:

මහේෂ් හපුගොඩ

ලාල් කියනවා රනිල් කියන්නේ අනික් දේශපාලනඥයින්ට සාපේක්ෂව ගත්තම අර නව ලිබරල් ප්‍රතිපත්තිය කියන දේශපාලන ආර්ථික දර්ශනයේ හිටපු සහ ඒ දර්ශනය ගැන අවබෝධයක් තියන මිනිහෙක් කියල. තව තව දේවල් ටිකකුත් කියල තොගගණනේ රස්සා දෙන්නේ නැහැ කියලත් කියනවා.

මම දැන් සෑහෙන පාරක් ලියල තියනවා ලාල් තමයි ඔතන ඉන්න නියමම බුලට් එක කියල. වෙන කිසිම දෙයක් නැතත් තමන්ට ඕනි දේ සන්නිවේදනය කරන තැනදී ඒ ඕනි එක ඕනි විදියට කියන්න ලාල් දන්නවා. පොර රටේ සෙන්ටිමෙන්ට් එකත් දන්නවා.

ලාල් රනිල්ට රෙෆරන්ස් දීල කියපු ඒ කතාව වැඩියෙන්ම උස්සගෙන යන්නේ රනිල්වාදීන්.

ඒ නිසා ඒ කතාව ලාල් කියන්නේ ජේවීපී මාලිමාකාරයින්ට නෙවෙයි. ඇත්තටම එයා කතාකරන්නේ ශේෂවෙලා ඉන්න අතලොස්සක් වන රනිල් ෆෑන්ස්ලට. ඒ කියන්නේ එයාගේ කතාව යන්නේ එයා ඉන්න වළල්ලෙන් ඔබ්බට. ඇත්තටම මේ වෙලාවේ මාලිමාවට ඕනිත් ඒක. අනික මේ චන්දෙකුත් එන එකේ. ඇත්තටම ලංවෙලා බලන කෙනෙකුට විතරයි තේරෙන්නේ මාලිමාව ගහන්නේ දක්ෂ ගේමක් කියන එක.

බලන්න ලාල්ගේ යටිපෙළ. ‘දැන් බලපල්ලා ඔය රනිල් කරපු වැඩේම නේද පොරටත් වැඩිය හොඳට සහ පිළිවෙලට අපි කරන්නේ. අපි රාජ්‍ය සේවයට බොරු බඳවාගැනීම් කරන්නේ නැහැ. ඕනි නැති ඒවා දීලා දානවා. අපිත් පාඩු ලබන්න කැමති නැහැ. අපි අපේ උන් විනයගත කරගෙන මේ වැඩේ ඇදගෙන යනවා. දළදාවත් පෙන්නනවා. රනිල්ගේ වටේ ඉන්න එවුන්ගෙන් වගේ කරදරයක් දැන් නැහැ. IMF එකේ ගේමත් දැන් අපි ඇදගෙන යනවා. ඉන්දියාව එක්කත් ෂේප්. චීනෙත් එක්කත් ෂේප්. විවෘත ආර්ථිකේට මුකුත් කරලත් නැහැ. තෙල් පෝලිම් ඇතිවෙන්න දුන්නෙත් නැහැ. වෙන කියන්න තරම් ලොකු අවුලක් අපි කරලත් නැහැ. ඉතිං…’

ඇයි බං උඹල තවත් රනිල් රනිල් ගගා වැළලෙන්නේ. වරෙල්ල බං අපි ලඟට! අපි මේ ගේම ගහමු! ❤

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): විලාසිතා ලොවේ අති උත්කර්ෂවත්...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...