රෂිකා හෙන්නායක මාර්තු 28, කොළඹ LNW :
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින තාක්ෂණික සහයෝගීතාව යටතේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සඳහා සුවිශේෂී ධාරිතා වර්ධන වැඩසටහනක් ඉන්දියාවේ IIT මදුරාසි ආයතනයේ පැවැත්වූණි.
මෙම දින 45ක පුහුණුව සඳහා ශ්‍රී ලංකාවේ මෘදුකාංග සහ සේවා සමාගම් සංගමයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වී ඇත.
එහිදී කෘතිම බුද්ධිය, මූල්‍ය මෙවලම් සහ ව්‍යාපාර වර්ධනය කිරීමේ උපාය මාර්ග පිළිබඳව ව්‍යවසායකයන්ට පූර්ණ මගපෙන්වීමක් ලබා දී තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පොරොන්දුවකට අනුව ක්‍රියාත්මක වූ මෙම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදුන් වැඩසටහන, දෙරට අතර වෘත්තීය සබඳතා සහ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට මහෝපකාරී වේ.
මෙමගින් ශ්‍රී ලාංකික නවක ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ ආයෝජන අවස්ථා ලබා ගැනීමට අවශ්‍ය පසුබිමද සකස් කර ඇත.


