Home PHOTO STORY අතුරුදහන්වූවන්ට යුක්තිය පතා දෙදිනක් පුරා වැඩසටහනක්! (PHOTOS)

අතුරුදහන්වූවන්ට යුක්තිය පතා දෙදිනක් පුරා වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුව විසින් ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ කාන්තා සම්මේලනනයේ වාර්තාව භාර දීම හා නිහඬ විරෝධතාවන් පසුගිය 26 සහ 27 යන දෙදින තුළ සංවිධානය කර තිබුණි.

ඒ අනුව අතුරුදහන්වූවන්ට යුක්තිය පතා මෙරට විදෙස් මහ කොමසාරිස් කාර්යාල වෙත අදාළ වාර්තා භාර දීම සිදුකරන ලදී.

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ඊට සම්බන්ධ වී සිටි අතර මහකොමසාරිස් කාර්යාල වෙතින් ඔවුන්ට එම අවස්ථාවද සලසා දී තිබුණි.

මෙම වැඩසටහනට අදාළව අගමැතිනිය වෙතද වාර්තාවක් භාර දුන් අතර ඔවුන්ට සකච්ජාවක්ද හිමි විය.

ජායාරූප අජිත් සෙනෙවිරත්න