අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඇරඹේ

Date:

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් (26) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දෙමටගොඩ, නාරාහේන්පිට සහ වැල්ලවත්ත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව දෙමටගොඩ, මිහිඳුසෙන්පුර ප්‍රජා ශාලාවේදී ප්‍රතිලාභීන් 995 දෙනෙකු වෙනුවෙන් ද, නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රජා ශාලාවේ දී ප්‍රතිලාභීන් 448 දෙනෙකු වෙනුවෙන් ද, වැල්ලවත්ත රන්ජන් විජේරත්නපුර ප්‍රජා ශාලවේ දී ප්‍රතිලාභීන් 169 දෙනෙකු වෙනුවෙන් ද සහල් මලු බෙදාදීම සිදු විය.

2022/ 2023 මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීම් සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ මෙම සහල් බෙදා දීමේ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා තිබේ. එක් පවුලකට මසකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස දෙකක් සඳහා නොමිලේ බෙදා දෙනු ලබයි.

මෙම සහල් සහනාධාරය මීට පෙර පවුල් ලක්ෂ 20කට ලබා දීමට සැලසුම් කර තිබුණ ද පසුව එය ලක්ෂ 29 දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පියවර ගැනුණු අතර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පළමු අදියර යටතේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

දෙමටගොඩ, මිහිඳුසෙන්පුර ප්‍රජා ශාලාවේ පැවති වැඩසටහනේ දී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව ආගාධයකට යමින් තිබු අවස්ථාවකදි එහි හැරවුමක් සනිටුහන් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් වැඩසහනින් හැකියාව ලැබුණු බවයි.

එම වැඩසටහන සමඟ අනුගතවීමේ දී ගතයුතු පියවර අසීරු වූවද රජයක් ලෙස එම සියලු දැඩි තීන්දු තීරණ ගනු ලැබුවේ දුෂ්කර කෙටි කාලසීමාවකින් පසුව ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කර දීමට හැකියාව ලැබෙන නිසා බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

වැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථික අර්බුදයක් නිර්මාණය වූ බව පැවසූ සාගල රත්නායක මහතා අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට නිවැරදි ආර්ථික වැඩපිළිවෙළකට ගෙන යමින් සිටින බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාවට පැමිණ සිටි ජනතාවගේ තොරතුරු විමසූ සාගල රත්නායක මහතා ඔවුන් ඉදිරිපත් කළ ගැටලු කිහිපයකට ද සවන් දුන්නේය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...