*
Friday, March 29, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/28

01. වර්ධනය වෙමින් පවතින ඉන්දියානු සහ අප්‍රිකානු වෙළඳපොල වෙත ශ්‍රී ලංකාව ප්‍රවේශ වෙමින් සිටින මොහොතක, කිසිවිටක ඊට විසල් බල එදිරිවාදිකමක් හෝ ගැටුමකින් බාධා එල්ල නොවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමයේ (ASAN) ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ දැක්මට ශ්‍රී ලංකාව සහාය දෙන බවත්, ඉන්දියන් සාගරයේ නාවික නිදහස සහ සාගර පත්ලේ ගමන්කරන කේබල්වල ආරක්ෂාව සහතික කිරීම රටේ අනාගතය සඳහා වැදගත් වන බැවින් ඒ වෙනුවෙන් ද කැපවී සිටින බවත් අවධාරණය කරයි.

02. ශ්‍රී ලංකාවට, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවෙන් තවත් ඇ.ඩො. බිලියන 07 ක ණයක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – ඉකුත් වර්ෂයේ අප්‍රේල් මස නිවේදනය කළ ණය පැහැර හැරීමෙන් අහිමි වූ ජාත්‍යන්තර විශ්වාසය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම ලැබීම මත යළි ගොඩනැඟුනු බව ද පවසයි.

03. බොහෝ රජයේ ආයතන තවමත් නියමිත වේලාවට තම මූල්‍ය ප්‍රකාශන භාර දී නොමැති බවත්, මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාවට ණය ලබා දීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවා ඇති කොන්දේසි සපුරාලීමට ද බාධාවක් ඇතිවිය හැකි බවත් විගණකාධිපති ඩබ්.පී.සී වික්‍රමරත්න අනතුරු අඟවයි – ඇතැම් රජයේ ආයතන නිවැරදි ක්‍රියා පටිපාටියෙන් ඔබ්බට වසර 05 ක මූල්‍ය ප්‍රකාශ එකවර ලබා දීමට පෙළඹී සිටින බවත්, එවන් වාර්තා භාරගත නොහැකි බවත් අවධාරණය කරයි.

04. ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ මට්ටම පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරයි – රට තුළ ළමා මන්දපෝෂණ ගැටළුව උග්‍ර වන්නේ ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමත්, ක්‍රියාත්මක කළ යුතු කෙටීකාලීන, මධ්‍ය-කාලීන සහ දිගුකාලීන විසඳුම් හඳුනා ගැනීමත්, එම ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමත් මෙමඟින් අපේක්ෂා කෙරේ.

05. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ඇම්නස්ටි ඉන්ටනැෂනල් හි ගෝලීය වාර්ෂික වාර්තාව එළි දැක්වීම සඳහා එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ දිප්‍රොස් මුචෙනා ශ්‍රී ලංකාවට පැමිණෙයි – මෙම අවස්ථාව තුළ ප්‍රධාන කථිකයා ලෙස කටයුතු කිරීමටත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවය පෙන්වා දීමට තම පැමිණීම භාවිතා කිරීමටත් ඔහු අපේක්ෂා කරයි.

06. පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීම සඳහා නාමයෝජනා භාරදුන් රජයේ සේවකයන්ගේ වැටුප්වලට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරේ – පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීමට අපේක්ෂා කරන රජයේ සේවකයන් 3,000 ක ගේ පමණ වැටුප් මේ වන විට අත්හිටුවා ඇති අතර, මැතිවරණය දින නියමයක් නොමැතිව කල්යාම මත ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ – විෂයභාර අමාත්‍ය ජානක වක්කුඹුර පවසන්නේ, මෙම කැබිනට් පත්‍රිකාව මඟින් එම ගැටළුව විසඳනු ඇති බවයි.

07. පාතාල සාමාජික නඳුන් චින්තක හෙවත් හරක් කටා ගේ ආයුධ සහකරු ලෙස කටයුතු කළ බවට විශ්වාස කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ආමි සනත් පොලිස් විශේෂ කාර්යසාධක බලකායේ අත්අඩංගුවට පත්වෙයි – මෙම සැකකරු අපරාධ දාමයකටම සම්බන්ධයක් තිබෙන පුද්ගලයකු බවට පැවසෙන අතර, අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 15 සොයාගෙන ඇත – හරක් කටා ගේ උපදෙස් පරිදි පසුගිය කාලවල වෙඩි තැබීමේ සිදුවීම් ගණනාවකටම අදාළව ආයුධ සපයා තිබෙන්නේ ආමි සනත් විසින් බවට පැවසෙන අතර, මෙම අපරාධ සිදුකළ පසු එම ගිනි අවි සුද්ධ කර වෙනත් පාර්ශව වෙත ලබා දීම මොහු විසින් සිදුකර ඇති බව සඳහන්.

08. ඉන්දියන් ඔයිල් සමාගමේ (IOC) ප්‍රධානී ශ්‍රීකාන්ත් මාධව් වයිද්‍ය ඉකුත් සති අන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුව තිබේ – ඔහු විසින් ශ්‍රී ලංකාවට IOC විසින් නිශ්පාදන කරන ලද ගෘහස්ථ සූර්ය පිසීම් පද්ධති 500 ක් සහ ඉන්දියාවේ ‘Unbottled Initiative’ යටතේ PET (Polyethylene terephthalate) බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් ලබාගත් කෙඳිවලින් තනන ලද නවතම කබායක් ලබා දීම ද සිදුව තිබේ.

09. මත්පැන් සහ දුම්වැටි වෙත ඉහළ බද්දක් පැනවීම හේතුවෙන් අලෙවිය සියයට 30 – 40 කින් පහත වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – අඩු ආදායම්ලාභීන්ගෙන් බොහෝ දෙනෙකුට මත්පැන් සහ දුම්වැටි ලබා ගැනීමට හැකියාවක් නැති බව ද පවසයි.

10. ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සඳු දින වන විට සුළු ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙයි – ගැනුම් මිල රු. 314.82; විකිණුම් මිල රු. 332.58 – කළු වෙළඳපොල තුළ ඩොලරය ඉහළ මිලවලට විකිණෙන බව ද වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan