මමයි රජා න්‍යායෙන් මිදෙමු – චරිත කියයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නිදහස ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද(28) පෙරවරුවේ මහාචාර්ය චරිත හේරත් මහතා දැක්වූ අදහස් ,

ඡන්දයක් පැවැත්වීමට රට බංකොලොත් නැහැ නමුත් දේශපාලන වශයෙන් ආණ්ඩුව බංකොලොත්. වාහනයක් නතර වූ පසු ස්ටාර්ට් කරනවා මෙන් 16 වතාවක් IMF රට තල්ලු කර start කර තිබෙනවා.නැවත වාහනය නතර කර ගන්නේ වැරදියට පදවන රටේ නායකයෝ ම තමයි.
ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමත් IMF මුවාවෙන් සිදුකරගෙන යනවා.

IMF වාර්තාව ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයටයි.රජයට අයිති කොටස් විකිණීමට රජයට අයිතියක් තිබෙනවා.
එහෙත් අනුප්‍රාප්තික ජනාධිපති වරයෙක් යටතේ එය කිරීම සුදුසු නැහැ.මේ ක්‍රමවේදය පාර්ලිමේන්තුව තුළ සහ රට තුළ සංවාද කර තීන්දු කළ යුතුයි.

IMF තල්ලුව සාධනීය කරගැනීම සඳහා වැඩ ගොඩක් කරන්න තියෙනවා. මේ රටේ ආර්ථිකය ගැන අලුත් දැක්මක් අවශ්‍යයි. ඒ සඳහා පැරණි දේශපාලනය සුදුසු නැහැ.විකල්ප ආර්ථිකයක් ගැන අවධානය යොමු කළ යුතුයි. ත්‍රස්ත විරෝධී පනත සහ මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත පිළිබඳ බරපතළ ගැටලු තිබෙනවා.මගේ අදහස මහ බැංකුව යම් මට්ටමකින් ස්වාධීන කළ යුතු බවයි.

ඛනිජ තෙල් බෙදාහැරීමේ ව්‍යාපාරය තවත් සමාගම් තුනකට ලබාදීම පිළිබඳව කියන්න තියෙන්නෙත් වැරදි පාලනය තමයි මේ තත්ත්වයට හේතු වුණේ. කෙසේ වුවත් කැබිනට්ටුව මමයි රජා න්‍යායෙන් මිදී සංවාදයක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු කළ යුතුයි”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...