මමයි රජා න්‍යායෙන් මිදෙමු – චරිත කියයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නිදහස ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද(28) පෙරවරුවේ මහාචාර්ය චරිත හේරත් මහතා දැක්වූ අදහස් ,

ඡන්දයක් පැවැත්වීමට රට බංකොලොත් නැහැ නමුත් දේශපාලන වශයෙන් ආණ්ඩුව බංකොලොත්. වාහනයක් නතර වූ පසු ස්ටාර්ට් කරනවා මෙන් 16 වතාවක් IMF රට තල්ලු කර start කර තිබෙනවා.නැවත වාහනය නතර කර ගන්නේ වැරදියට පදවන රටේ නායකයෝ ම තමයි.
ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීමත් IMF මුවාවෙන් සිදුකරගෙන යනවා.

IMF වාර්තාව ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයටයි.රජයට අයිති කොටස් විකිණීමට රජයට අයිතියක් තිබෙනවා.
එහෙත් අනුප්‍රාප්තික ජනාධිපති වරයෙක් යටතේ එය කිරීම සුදුසු නැහැ.මේ ක්‍රමවේදය පාර්ලිමේන්තුව තුළ සහ රට තුළ සංවාද කර තීන්දු කළ යුතුයි.

IMF තල්ලුව සාධනීය කරගැනීම සඳහා වැඩ ගොඩක් කරන්න තියෙනවා. මේ රටේ ආර්ථිකය ගැන අලුත් දැක්මක් අවශ්‍යයි. ඒ සඳහා පැරණි දේශපාලනය සුදුසු නැහැ.විකල්ප ආර්ථිකයක් ගැන අවධානය යොමු කළ යුතුයි. ත්‍රස්ත විරෝධී පනත සහ මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත පිළිබඳ බරපතළ ගැටලු තිබෙනවා.මගේ අදහස මහ බැංකුව යම් මට්ටමකින් ස්වාධීන කළ යුතු බවයි.

ඛනිජ තෙල් බෙදාහැරීමේ ව්‍යාපාරය තවත් සමාගම් තුනකට ලබාදීම පිළිබඳව කියන්න තියෙන්නෙත් වැරදි පාලනය තමයි මේ තත්ත්වයට හේතු වුණේ. කෙසේ වුවත් කැබිනට්ටුව මමයි රජා න්‍යායෙන් මිදී සංවාදයක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් කටයුතු කළ යුතුයි”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...