පුනර්ජනනයට ඉංදියාවේ සහය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අනුව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට විදුලිබල හා බලශත්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත්කළ යෝජනාවක් ස්ථිර වී ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ ඒ බව සඳහන් වේ.

2030 වනවිට සමස්ත විදුලිය අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීම, බලශක්ති සැපයුම සම්බන්ධයෙන් ස්වාධීනවීම සහ 2050 වසර වනවිට කාබන් විමෝචන උදාසීන කළ තත්ත්වයකට පත්වීම, රජය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව එහි සඳහන් වේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ පුද්ගලික සහ රාජ්‍ය අංශයේ ව්‍යවසායයන් විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ස්ථානවල සූර්ය බලශක්තිය, වෙරළබඩ සුළං ඇතුළු සුළං භාවිතයෙන් බලශක්තිය උත්පාදනය හා ජෛව ස්කන්ධ ආශ්‍රීත බලශක්තිය උත්පාදන ව්‍යාපෘති සහ අනවරත සම්ප්‍රේශණ යටිතල පහසුකම් ඒකාබද්ධව සිදුකිරීම සහ පහසු කිරීම මගින් පුනර්ජනනීය බලශක්තිය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සහ ශත්තිමත් කිරීමට ඉන්දියාව එකඟ වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...