සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ හම්බන්තොට නව ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම සඳහා සමාගම් 7 ක් කැමැත්ත පළ කර ඇති බව අමාත්‍යවරයා පවසන්නේ, කමිටුවක් යටතේ විශ්ලේෂණයට ලක්කිරීමෙන් පසු ඔවුන්ගේ යෝජනා භාරගන්නා බවයි.
එම සමගාම් 7 අතරට
◾නයිජීරියාවේ ලාගෝස්හි පිහිටි ග්‍රාන්ට් ඇන්ඩ් ෂීයර ලිමිටඩ්,
◾චීනයේ සිනෝපැක් සමාගම,
◾මලයාසියාවේ ප්රෙට්රිකෝ කැපිටල්,
◾සිංගප්පුරුවේ විටෝල් සමුහය,
◾ඉරානයේ මාටින් ටෙජරට්,
◾ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පිහිටි හරි මැනේජ්මන්ට් සර්විසස් සීමාසහිත පෞද්ගලික සමාගම
◾මර්කා ඉන්වෙස්ට්මන්ට් පෞද්ගිලක සමාගම
◾ ශ්‍රී ලංකාවේ පිහිටි දන්දෙණිය ඉංජීනියරින් යන සමාගම් අයත් වේ.