තෙල් වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරයි – තෙල් බෙදාහැරීම සම්පූර්ණයෙන් අඩාල වෙයි (VIDEO)

Date:

කොළඹ (LNW):විෂයභාර භාර අමාත්‍ය කාංචන විජේසේකර අමාත්‍යවරයාගේ හිතුවක්කාරී අදූරදර්ශී ක්‍රියාපිළිවෙත නිසා ඛනිජ තෙල් බෙදාහැරීම අඩාල කර තිබෙන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අචාර්ය අශෝක රන්වල මහතා පවසයි.

ඒ අනුව ඛනිජ තෙල් සේවකයින් විසින් ආරම්භ කළ සත්‍යග්‍රහය සහ උපවාසය අවසන් කර අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙන අතර එම වැඩවර්ජනයට හෝ ආණ්ඩුව ඇහුම්කන් දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එයටත් සවේදී නැත්නම් අර්ධ රාජ්‍ය ආයතන වන විදුලිය සහ වරාය ද එක්ව දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමුවන බවයි රන්වල මහතා අවධාරණය කරන්නේ.

තෙල් සංස්ථාව සමගම වෙත විකිණීමට අනුමැතිය දී තිබෙන කැබිනට් නිර්දේශය වහාම අවලංගු කර වෘත්තීය සමිති සමඟ සාකච්ජාවට පැමිණෙන ලෙස ඔහු වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...