ලොව පුරා කිතුනු බැතිමතුන් අද මහ සිකුරාදා සමරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, කොළඹ (LNW):අද (29) දින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් සමරනු ලබයි.

කිතුනු බැතිමතුන් අද දිනයේදී දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වීමට නියමිත අතර, අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ යැදුම්, උපවාස, පුණ්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදීම අද දිනයේදී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී ඇත,

පොලිස් දෙපාර්තමේන්තුව පැවසූවේ, අද දිනය සහ පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් කිතුනු දේවස්ථානයන්හි පැවැත්වෙන දේව මෙහෙයන් සහ උත්සව වෙනුවෙන් එම දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.

පොලිස් මුලස්ථානය සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිඩ හමුදා නිලධාරීන්ගේ ද සහාය ලබාගැනීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...