පොල් කිරෙන් සෙවූ ඩොලර්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, කොළඹ (LNW): කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දී අනාවරණය වී ඇත්තේ, මහ බැංකුවේ මාසික පදනම යටතේ නිකුත් කරන අපනයන පිළිබඳ වාර්තාව අනුව 2024 වර්ෂයේ  පෙබරවාරි මාසය තුළ පොල් කිරි මෙට්‍රික් ටොන් 6739ක් අපනයනය කිරීම මගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 2971ක් බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

පොල් කිරි අපනයනය ගත් කළ 2023 වර්ෂයේ දී පෙබරවාරි මාසය තුළ මෙට්‍රික් ටොන් 4366ක් අපනයනය කර රුපියල්  මිලියන 2401ක ආදායමක් උපයා ඇති අතර, අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය අනුව 2023ට වඩා 2024 පෙබරවාරි මාසය තුළ මෙට්‍රික් ටොන් 2373ක ඉහළ  ගොස් ඇති අතර අපනයනය මගින් ලද ආදායම ද රුපියල් මිලියන 570කින් වර්ධනය වී තිබේ.

පසුගිය වර්ෂයේ දීර්ඝ නියඟය සහිත කාල ගුණික තත්ත්වයකින් පසු ලද වැස්ස හේතුවෙන් පොල් ඵලදාව ද ඉහළ ගිය බැවින් පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා මාසිකව පොල් නිෂ්පාදනයේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන අතර, පොල් අපනයනය මගින් ලද ආදායම මෙම වර්ෂය තුළ ඩොලර් බිලියනයක් දක්වා ප්‍රථමවරට ඉහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...