දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ සාධනීය වැඩපිළිවෙළක් – ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ප්‍රසාදය

Date:

කොළඹ LNW:වත්මන් අර්බුද විසඳීම වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය කියයි.

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය සාකච්ඡා කර තිබෙන අතර ඉන්පසු මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා කියාසිටියේ පොදු වැඩපිළිවෙළක් මගින් රටේ වත්මන් සමාජ හා ආර්ථික ගැටලු විසඳීමට හැකි බවයි.

එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ දෙපාර්ශවය අතර සාකච්ඡාව සාධනීය බවයි.

විශ්වසනීය දේශපාලන සන්ධානයකින් ජනතා ගැටලු විසඳීම අපේක්ෂාව වන බවත් පාර්ශව රැසක් සමග ඒ පිළිබඳව සාකච්ඡා කළ අතර ඉදිරියේදී ද තවත් සාකච්ඡා රැසක් සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...