අධිවේගයත් මන්දගාමී වෙයි ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, කොළඹ (LNW): ‘සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්‘ වෙත අධිවේගී මාර්ග ජාලයේ පාලනය පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ඉවත්කර ගන්නා තුරු අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ සූදානමක් පවතින බව වාර්තා වේ.

එහි එක්සත් පොදු සේවක සංගමය පවසන්නේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සමස්ත කාර්ය මණ්ඩලයේ රැකියා අනතුරට හෙළමින් ආයතනය සතු දේපොළ බාහිර පාර්ශවයන්ට පවැරීමට එරෙහිව එම අධිකාරියේ සියලු වෘත්තීය සමිති එක්ව සිටින බවයි.

එම සංගමයේ සංවිධායක ලේකම් අයි.ඩී. නිහාල් අජිත් සඳහන් කළේ, අධිවේගී මාර්ගයන්හි මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අප්‍රේල් 1 දින සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ ‘සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්’ වෙත පවරා දීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන තීරණය කර තිබෙන බවත්, ඇමතිවරයාගේ යෝජනාව පරාජය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති සාකච්ඡා කරමින් සිටින බවයි.

සංවිධායක ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කළේ, අධිවේගී මාර්ග පද්ධතිය පෞද්ගලික අංශයට පැවරීමට මීට පෙර ආණ්ඩුව ගනු ලැබූ තීරණයට එරෙහිව පසුගිය වසරේ නොවැම්බර් 22 දින සමස්ත සේවක මණ්ඩලය අසනීප නිවාඩු වාර්තා කර ශක්තිය පෙන්වූ බවත්, එමගින් ආණ්ඩුවේ සැලැස්ම අත්හිටුවීමට සේවකයන්ට හැකි වූ බවයි.

ආණ්ඩුව නැවතත් මාර්ග සංවර්ධන අධීකාරිය පෞද්ගලීකරණය කිරීමේ සැලැස්ම හොර පාරෙන් ක්‍රියාත්මක කිරීමට උත්සහ කරන බව පැවසූ අතර, ඒ යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය සතු අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය (දේශීය) සහ කාර්ය මණ්ඩලය වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධීකාරියෙන් ඉවත් කර සහස්යා ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් වෙත පැවරීම සඳහා වූ ක්‍රියාකාරී සැලැස්ම ආණ්ඩුව අනුමත කර ගෙන තිබෙන බවද අයි.ඩී. නිහාල් අජිත් මහතා කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...