ඉදිරි දිනයේ පාර්ලිමේන්තුව රැස්වෙන්නේ මෙහෙමයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 29, කොළඹ (LNW): අප්‍රේල් 01 සහ 02 යන දිනයන්හිදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා කියා සිටී.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු 22 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වීඇති බව සඳහන් වේ.

අප්‍රේල් 1 වැනි සඳුදා පෙ.ව. 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 9.30  සිට ප.ව. 4.30 දක්වා,  2024.03.19 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආයුර්වේද පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇත.(මීට අදාළ යෝජනාව 2024.04.01 දිනට නියමිත අංක 14 දරන පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත්ව ඇත)

ප.ව. 4.30ට පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පතක් වන  අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව තිබෙන අතර, ප.ව. 4.30 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බව සඳහන් වේ.

2024 අප්‍රේල් මස 02 වැනි අඟහරුවාදා පෙ.ව. 09.30 සිට ප.ව. 4.00 දක්වා බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2358/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, එකතු කළ අගය මත බදු පනත යටතේ අංක 2363/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත ය‍ටතේ අංක 2370/15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ ඇති රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතව තිබෙන අතර, ප.ව. 4.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබෙන බව සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...