විමල්ලාත් තුට්ටුවකට විශ්වාස නෑ. අපි එපා කියද්දී එදා 20 ට අත ඉස්සුවේ – මුරුත්තෙට්ටුවේ හිමි

Date:

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ඡන්දය භාවිතා නොකරන ලෙස තමන් එදා විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටි නමුත් ඔවුන් එම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිතා කළ බවත් ඒ අනුව කිසිදු දේශපාලනඥයෙකු තුට්ටුවකට විශ්වාස කළ නොහැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

“ඇත්ත වශයෙන්ම මේ දේශපාලනඥයින් කියන ඒවා මම පිළිගන්නෙ නෑ. දේශපාලනඥයො වාසියට කතාකරන ජාතියක්. මේ 20 වැනි සංශෝධනය එනකොට අපි කිව්වා සාකච්ඡා කරලා විමල් වීරවංශ මහත්තුරුන්ටත් අපි කිව්වා මේකට අත උස්සන්න එපා කියලා. නමුත් අත ඉස්සුවා. වැරදිච්ච තැන තමයි දැන් ඇවිල්ලා කතා කරන්නෙ. ඒ නිසා දේශපාලනඥයෝ තුට්ටුවකටවත් විශ්වාස කරන්න බෑ කියන එකයි මම කියන්නෙ”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...