නුවරඑළියේ සීතල ක්‍රිකට් යුද්ධය: අපි ඊ ළග අවුරුද්දේ ක්‍රීඩකයින් කැදවීමේ සිටම වෙනස් වෙනවා – ජගත් ජයසුන්දර

Date:

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරිම සඳහා ලෙදර් බෝල් ක්‍රීඩාවෙන් තෙවන කොටස නියෝජනය කරන කණ්ඩායම්වල ක්‍රීඩකයින් කැඳවා පවත්වන නුවරඑළිය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වෙනත් ප්‍රදේශවලින් ක්‍රීඩකයින් සහභාගී වීම සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ කිහිපයක් මෙන්ම ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සිය අසතුට පළ කරයි.

මේ සම්බන්ධයෙන් LNW නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සභාපති ජගත් ජයසුන්රගෙන් විමසීමක් සිදු කළ අතර එහිදි අදහස් දක්වමින් තිබෙන තත්ත්වය අනුව එවැනි ගැටළුකාරී තත්ත්වයක් ඇති වි තිබෙන බව පිළිගත්තේය.එය ඉදිරි වර්ෂයේ සිට නිවැරදි කිරීමට පියවර ගන්නා බවත්,එහිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ට සහ දිස්ත්‍රික්කය තුළ රාජකාරි කිරීම සඳහා නැවතී සිටින පිරිසට පමණක් වන ලෙස කොන්දේසියක් ඇතුළත් කරන බව පැවසීය.

දැනට තිබෙන තත්ත්වය අනුව තෙවන කාණ්ඩයෙන් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩකයින් නම් කර එවන ලෙස දැන් වූ විට, එම ක්‍රීඩා සමාජ නම් කර එවා තිබෙන්නේ සිය ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන වෙනත් ප්‍රදේශවල ක්‍රීඩකයින් වීම බව ජගත් පෙන්වා දෙයි.ඒ අකාරයට ගම්පොළ ප්‍රදේශයේ ක්‍රීඩකයින් පස් දෙනෙකු මේ තරගාවලියට එක් ක්‍රිඩා සමාජයක් නම් කර තිබෙන බව ද ජගත් පෙන්වා දුන්නේය.

“ඒක හරියට චිලව් මේරියන්ස් එකට මොරටුවෙ අය ගහනවා වගේ වැඩක්” ජගත් මුල් පෙළේ ක්‍රීඩා සමාජවල වෘත්තීය ක්‍රිකට් ක්‍රියාත්මක වන ව්‍යහුය උදාහරණයකට ගෙන පැවසුවේය.

“නමුත් මේක නුවරඑළියෙ ක්‍රිකට් හදන්න කරන වැඩ පිළිවෙලක්.මෙතන ගහන්නෙ තෙවන පෙළ ක්‍රිඩා කරන කණ්ඩායම්.එතකොට ඒක නුවරඑළියෙ ක්‍රිකට් හදන්න පාවිච්චි කරන්නෙ කොහොමද කියන එක වෙන වැඩක්.ඒත් මෙතනදි ලියාපදිංචි ක්‍රීඩා සමාජ ඉදිරිපත් කරන නම් අපට ඉවත දාන්න බැහැ.ඒක නම් එවන කොට කොහොමද එවන්න ඕනි කියලා සඳහන් නොකරපු නිසා වෙච්චි අවුලක්.එහෙම සඳහන් කරන්න යෝජනා කාගෙන්වත් ආවෙත් නැහැ.ඒත් අපට තේරෙනවා දැන් ඒක නිවැරදි කරන්න ඕනි.ඒත් මේ වෙලාවෙ තරගාවලිය නවත්තලා ඒ වැඩේ කරන්න බැහැ.ඉදිරි තරගාවලියට අපි ක්‍රීඩකයින් නම් කරන්න කියා යවන ලිපියේ ඉදළම ඒ කරුණු සඳහන් කරන්න ඕනි.හැබැයි මේ වෙලාවෙ රටේ තත්ත්වය එක්ක ඉදිරිපත් වූ අනුග්‍රාහකයන් පවා මඟ හරින තත්ත්වයක තියෙන්නෙ.එහෙම තියෙද්දි අප්‍රේල් 3 වන දා මේ තරගාවලිය හමාර කරන්න අපි දරන්නෙ විශාල මහන්සියක්.අපට තියෙන්නෙ මේ වෙලාවේ පළමු අභියෝගය හැටියට ඒක”

ජගත් ජයසුන්දර තරගාවලිය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන් නිවැරදි කරන්නට අවශ්‍යය සංශෝධන කිරීමේ අවශ්‍යයතාවය තව දුරටත් පැහැදිළි කරමින්ද,මේ වන සංවිධානයේ දී මතු වී ඇති අනුග්‍රාහක ගැටළු ගැන පෙන්වා දෙමින් ද LNW කරන ලද විමසීමට පිළිතුර බැන්දේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...