ආසියාව දිනන්න ඉන්දියාවේ ඊ – ස්පෝරට්ස් කණ්ඩායම තෝරන තරග දින 15 – 20 ක් අතර පැවත්වේ

Date:

චීනයේ හැන්ග්ෂෝවු හී සැප්තැම්බර් 10 – 25 දක්වා පැවත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට පළමුවරට ඇතුළත් කර තිබෙන ඊ ස්පෝර්ට්ස් ඉසව් සම්බන්ධයෙන් සහභාගි වන ඉන්දීය කණ්ඩායම තෝරා ගැනීම සඳහා වන තේරීම් තරග අප්‍රේල් 4 වන දා ආරම්භ කරන බව ඉන්දීයාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එදින ආරම්භවන ඉන්දීය ඊ-ස්පෝරට්ස් සූරතාවලියේදී මෙම කණ්ඩායම තෝරා ගැනීමට නියමිත අතර එම කණ්ඩායම තෝරා ගැනීම සඳහා දින 5 – 20 ත් අතර කාලයක තරගාවලිය පැවත්විමට ඉන්දීය ක්‍රීඩා බලධාරීන් තීරණය කර තිබෙනවා.ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව දැනට ලියාපදිංචි ඊ – ස්පෝරට්ස් ක්‍රීඩා සමාජ සාමාජිකයන්ට මෙන්ම ක්‍රීඩාව කෙරෙහි ‘අද්යෝගයක් ඇති සාමාන්‍ය පුද්ගලයන්ටද බාධාවකින් තොරව මේ තරගාවලියට ඇතුළත්වීමට පහසුකම් සපයා තිබෙනවා.

ඉන්දියාව පුරා විසිරී සිටින විශාල ජනගහනය ගත් විට මේ ක්‍රීඩාව කෙරෙහි විශාල ලියාපදිංචි වීමක් අපේක්ෂා කරන ඉන්දියාව මේ වන විට විවෘත කර තිබෙන ලියාපදිංචි කිරීමේ මාර්ග ඔස්සේ සෑහෙන පිරිසක් තරගාවලියට ඇතුළත්වෙමින් සිටින බව පවසනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...