දුම්රිය රියදුරන් අතිකාල සේවාවලින් ඉවත්වීමට තීරණය කරයි

0
435

හෙට දිනයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. දුමිරිය ගාස්තු ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ.

බස් ගාස්තු වැඩිවීම හේතුවෙන් වෙනදා දුම්රිය භාවිතා නොකළ විශාල පිරිසක් දුම්රිය සේවය භාවිතා කිරීමට යොමු වී සිටින බවත්, දුම්රිය ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ඔවුන් නැවතත් දුම්රිය භාවිතයෙන් ඉවත්වීමේ අවදානමක් මතුව ඇති බවත් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසනවා.

දුම්රිය ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකිරීම සඳහා වර්ජන ක්‍රියාමාර්ගයක නිරතවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත්, ජනතාවද මෙම තත්වය තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here