දේශබන්දුට හැංගෙන්නට සහාය දුන් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණය මගහරිමින් සැඟවී සිටීමට සහාය දුන් බවට සැකපිට පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු සහ තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයෙකි.

දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගන්නා ලෙස පසුගිය පෙබරවාරි 27 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ අතර ඔහු මාර්තු 19 වනදා දක්වාම අධිකරණය මගහරිමින් සැඟවී සිටියේය.

පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වූ අතර මාර්තු 19 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව ඔහු මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...