සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නේපාලයේ රාජාණ්ඩුව යථා තත්ත්වයට පත් කරන ලෙස ඉල්ලා කත්මණ්ඩු නුවර පැවති විරෝධතා වකදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර ඇතිවූ ගැටුමකදී දෙදෙනෙකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා 17 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
රටේ පවතින අඛණ්ඩ ආර්ථික හා දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් මේ වන විට ජනතාව තුළ නේපාලය රජය කෙරෙහි පුළුල් අතෘප්තියක් ඇතිව ඇති අතර 2008 දී අහෝසි කරන ලද හින්දු රාජාණ්ඩුව නැවත ස්ථාපිත කරන ලෙසත්, රට ලෞකික රාජ්‍යයක් ලෙස නොව හින්දු රාජ්‍යයක් ලෙස නැවත ස්ථාපිත කරන ලෙසත් දහස් ගණනින් සෙනග අගනුවරට පැමිණ තිබේ.
රාජකීය-හිතවාදීහු පොලිස් බාධක බිඳ දමා නිලධාරීන්ට ගල් ගැසීමත් සමඟ විරෝධතා ප්‍රචන්ඩකාරී ස්වරුපයක් ගනු ලැබූ අතර රාජකීය විරෝධතාකරුවන් නිවාස හා සාප්පු විනාශ කිරීමට සහ ගොඩනැගිලි ගිනි තැබීමට පටන් ගැනීමත් සමඟ වීදි පුරා අවුල් සහගත තත්වයක් ඇතිව ඇත. පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් සහ රබර් උණ්ඩ සහ ජීව උණ්ඩ වලින් අහසට වෙඩි තැබීමෙන් තත්වය පාලනය කිරීමට උත්සහ ගෙන තිබේ.
තත්වය පාලනය කිරීම සඳහා මේ වන විට රජය අගනුවර ප්‍රදේශවල ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ අතර ආරක්ෂක නිලධාරීන් වීදිවල යොදව තිබේ.