මියන්මාර් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ දැවැන්ත භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මියන්මාරයේ මැන්ඩලේ කලාපයේ අවම වශයෙන් පුද්ගලයින් 1002 දෙනෙකු මිය ගොස් 2,376 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව එරට හමුදා රජය නිවේදනය කර ඇති අතර මියන්මාරයේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 1,000 (සැතපුම් 620) ක් දුරින් පිහිටි තායි අගනුවර වන බැංකොක්හි තවත් මරණ 10 ක් පමණ තහවුරු කර ඇත.

සියවසකට වැඩි කාලයක් තුළ මියන්මාරයට බලපෑ විශාලතම භූමිකම්පාව මෙය වන අතර එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය මරණ සංඛ්‍යාව 10,000 දක්වා ඉහල යා හැකි බවට ඇස්තමේන්තු කර ඇත.

ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් සිටින අතර භූමිකම්පාවෙන් මියන්මාරයේ විවිධ ප්‍රදේශ හරහා ගොඩනැගිලි විනාශ වී ඇති අතර පාලම කඩා වැටි මාර්ග අවහිර වීම හා දුරස්ථ ප්‍රදේශවල සන්නිවේදන දුර්වලතා හේතුවෙන්, බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ව්‍යසනයේ සැබෑ පරිමාණය තවමත් මතු වී නොමැති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු හා ජීවිත හානි පිළිබඳව රජයේ දැඩි අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි...

මන්නාරම් දූපතේ නව සුලං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක අත්හිටුවීමට තීරණයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මන්නාරම් දූපතේ නව...

ජාතික තීරු බදු ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ජනාධිපති අනුර...