එජාපයට භූත බලපෑමක්. රනිලුත් ප්‍රාණ ඇපයට!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ සිටින භූතයෝ වගේ දෙදෙනක් ඕනෑකමින් පක්ෂය දියකර හැරීමේ කුමන්ත්‍රණයක් නියැලී සිටින අතර තමන්ද සමඟි ජන බලවේගයට යන බවට වැරදි ප්‍රචාර පතුරුවන්නේ එම භූතයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාට පසු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයා තමන් නිසා එලෙස වැරදි පුවත් ප්‍රචාරය කළද තමන්ව එහෙට මෙහෙට තල්ලු කළ හැකි පුද්ගලයෙක් නොවන බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

නමුත් ජන්දයෙන් පසු පක්ෂය ඒකරාශී කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු කියාසිටියි.

නවීන්ලා රුවන්ලා හරීන්ල මනූෂලා, අකිල මේ සියලු දෙනා පක්ෂය ඉදිරියට ගෙන යන ස්වරූපයක් තිබුණද දෙන්නෙක් රනිල් වික්‍රමසිංහ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත් කර කටයුතු කිරීමක් තිබෙන බව රවී කරුණානායක මහතා තවදුරටත් කියාසිටියි.

කෙසේවෙතත් ජන්දයෙන් පසු සැබෑ තත්ත්වය අනාවරණය වනු ඇති බවයි ඔහු පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...