“මැදමුලන වඩුක්කොඩෛ පෙරළා දැමීම” 02 වැනිදා ජනගත වෙයි!

Date:

කොළඹ LNW:මාධ්‍යවේදී ලලිත් ප්‍රියදර්ශන දයාරත්න විසින් සම්පාදිත“මැදමුලන වඩුක්කොඩෛ පෙරළා දැමීම” එළෙඹෙන 02 වැනිදා සවස 3.00ට බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේ (නාඩා) දී ජනගත කෙරෙයි.

සියවස් දෙකකට ආසන්න කාලයක් ජාතිකත්ව ලෙස මෙරට ජනතාව බෙදා වෙන්කර ගෙන ගිය දේශපාලනය සහ එයට එරෙහිව සාමූහික පෙළ ගැසීම්,
පසුගිය ජනාධිපතිවරණය සහ මහ මහමැතිවරණය දක්වා විකාශනය වූ අකාරය ඡන්ද ප්‍රතිඵල සමග සංකලනය කරමින් සිදු කළ විශ්ලේෂණයක් සහිත කෘතියක් ලෙසයි එය දැක්වෙන්නේ.

කෘතිය ජනගත කිරීමේ අවස්ථාවේ දී: “මලයගම් දමිළ ජනතාව සහ ඡන්දය” යන මැයෙන් වූ දේශනය පාර්ලිමේන්තුවේ විශ්‍රාමික භාෂා පරිවර්තක ක්‍රිස්ටෝපර් මහේන්ද්‍රන් විසින් ද, “අනූවෙන් පසු පරපුරේ දේශපාලනය” යන මැයෙන් වූ දේශනය කොළඹ විශ්විවද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ඔසඳ ගුණරත්න විසින් ද, “වසා දැමූ ඉතිහාසයට එබී බැලීමක්” යන මැයෙන් වූ දේශනය ප්‍රවීණ මාධ්‍යවේදී විමල් කැටිපෙ ආරච්චි විසින් ද පවත්වනු ලැබේ.

මිනිස් ජීවිත පරඬැල් බවට පත් කළ ඉතිහාසය අලුතින් කියවා ගැනීම සඳහා සාහිත්‍ය සහ දේශපාලනයට ලැදි සියලු දෙනාට එදිනට එක්වන්නැයි සංවිධායක මණ්ඩලය විසින් විවෘත ආරාධනා කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...