පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑගහන විපක්ෂ මන්ත්‍රීලා ඒ පිළිවෙලට හිරේ යනවා – මාලිමා මන්ත්‍රී දිනිඳු සහතික කර කියයි !

Date:

පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම හඬ නඟන විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ අනුපිළිවෙල අනුව අනිවාර්යයෙන්ම සිරගත කෙරෙනු ඇති බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක අවධාරණය කරයි.

“හිරේට යන ලිස්ට් එක පිළිවෙලට හදාගන්න ඕනෙ නම් පාර්ලිමේන්තුවේ කතා අහලා විපක්ෂයේ වැඩියෙන්ම සද්දෙට කෑගහන අයගෙ නම් ලියාගන්න. එකායි දෙකායි කියලා ලියන්න. විපක්ෂයේ වැඩියෙන්ම කෑගහන අය ඒ පිළිවෙලට යන්නෙ. මොකද ඔබ දන්නෙ නැතිවුණාට ඒගොල්ලො දන්නවා ඒගොල්ලොන්ගෙ ගෙදරට සීඅයිඩී එකෙන් ආවා කියලා. ඒගොල්ලො දන්නවා ඒගොල්ලොන්ට පරීක්ෂණයක් යනවා කියලා. ඒගොල්ලො දන්නවා ඒගොල්ලො ඇතුළට යන්න නියමිතයි කියලා. ඇයි, හෘදසාක්ෂිය දන්නවා තමන් හොරා කෑවා කියලා. නම් ලියාගන්න, සහතික කරලා කියනවා අන්න ඒ පිළිවෙලට ඇතුළට යනවා”

දිනිඳු සමන් හෙන්නායක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...