අද අමාධ්‍ය හැසිරෙන්න ඕනෙත් ජවිපෙයි පලවත්ත කාර්යාලයයි කියන විදිහට් – විපක්ෂ නායක

කොළඹ LNW:අද මාධ්‍ය හැසිරිය යුත්තේ ද ජනතා විමුක්ති පෙරමුණ සහ පැලවත්ත පක්ෂ කාර්යාලයේ නියෝග මත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කිරීමට,ජනප්‍රිය කිරීමට මාධ්‍ය දැවැන්ත කාර්ය භාරයක් කළද ඔවුන් විපක්ෂයේ සිටින විට මාධ්‍ය සම්බන්ධයෙන් දැරූ ආකල්පයට වඩා ආණ්ඩු බලය ගත් විට මාධ්‍ය කෙරෙහි දක්වන ආකල්පය වෙනස් වී ඇති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

ඔවුන්ගේ නියෝග මත ක්‍රියා නොකරන මාධ්‍ය ජඩ මාධ්‍ය ලෙස හදුන්වමින් සිටින බවද විපක්ෂ නායකයා ප්‍රකාශ කරයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මොරටුව කොට්ඨාසයේ පැවැති හමුවක් අමතමිනි.

වත්මන් රජය නිදහස් මාධ්‍යයට අගෞරව කරමින් අපහාස කරන බවටයි විපක්ෂ නායකයා චෝදනා කරන්නේ.

මාධ්‍යයට රට වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන් කතා කරන්න අයිතියක් තිබෙන බවත් එය සාමාන්‍ය ජනතාවගේ ද අයිතියක් සහ යුතුකමක් බවත් රණවිරුවන් වෙනුවෙන් සාමාන්‍ය ජනතාව ද පෙනී සිටිය යුතු වුවත් සමහර අය රණවිරුවන්ට ජාත්‍යන්තර වශයෙන් හානිදායක තීන්දු තීරණ ගන්නා විට කිඹුල් කදුලු හෙලන බවද ප්‍රේමදාස මහතා පවසයි.

රණවිරුවන්ට විරුද්ධව සම්බාධක පනවන විට ඒ වෙනුවෙන් එදත් අදත් හඬ නැගුවේ සමගි ජන බලවේගය බවයි ඔහු සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...