වැඩියෙන් කෑගහන්නේ වැඩියෙන් බය වුණ කෙනා.දූෂිතයින්ට එරෙහිව අපි හැප්පෙන්න ලෑස්තියි – ජනපති බෙලිඅත්තේදී සහතික වෙයි!

Date:

කොළඹ LNW:දුෂිතයින්ට එරෙහිව හැප්පෙන්න සූදානම් අතර ඔවුන් කුමන කුමන්ත්‍රණ, යටිබිම්ගත වැඩවල සිටියද වංචාවන්ට,දුෂණයන්ට එරෙහිව දඬුවම් දීම නතර නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) බෙලිඅත්තේ පැවති ජන හමුවේදී පැවසුවේය.

පවතී පාලනයන් විසින් මේ රට නඩත්තු නොකරන වාහනයක් වැනි තත්ත්වයට පත්කර තිබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

” වැඩියෙන් කෑගහන්නේ කවුද වැඩියෙන් බයවුණු කෙනා හොදේ. සමහර අය හොරාට ඉස්සර කෙහෙල්කන වැට පැනල. මාව ගන්න යන්නේ කියනවා. හොරට ඉස්සර කෙහෙල්කන වැට පැනල. මතක තියාගන්න මේක අපි කඩිමුඩියේ කලබලයට කරන වැඩක් නෙවෙයි. ඉතාම හොඳට පරීක්ෂණ කටයුතු නිලධාරී මහත්වරුන් මෙහෙයවනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ ගොඩක් නිලධාරීන් ඒ සඳහා සහය දෙනවා. ඉතාම ශක්තිමත් නඩුවක් අධිකරණයේ ගොණු කරනවා. දැන් මේ දවස්වල ඇමතිවරු තුනයි පොලිස්පතියි රිමාන්ඩ් කරලා. තව ටික දවසක් යද්දී පාර්ලිමේන්තුව එහෙ රැස්වෙන්න පුළුවන් වෙයි. ඇතුළට ගිහිල්ලා බලපුවහම අපට පේනවා මේ මහජනයාගේ මුදල් කොච්චර නාස්ති කරලද,කොච්චර හොරකම් කරලද,කොච්චර විනාශ කරලද. ආයේ එතන ගන්න දෙයක් නැහැ. ඔහේ පවතින ඇරලා. නඩත්තු නොකරන වාහන වගේ. ඒ වගේ රටක් මේක. ඒ නිසා ඒවා දකින්න දකින්න මේ අපරාධකාරයින්ට නිතිය ඉටුකරන්න ඕනේ කියන වුවමනාව තියෙන්නේ. ඒ නිසා අපි ඒ වැඩෙත් හරියට කරනවා. ඒ වගේම ප්‍රාදේශීය සභාවල නැවත ඒ වගේ පාලනයක හැදෙන්න අපි ඉඩ දෙන්නේ නැතුව ඉතාමත් පිරිසිදු,මුදල් ටික හොඳින් පරිස්සම් කරන,ගමේ වැඩ කරන්න පුළුවන පාලනයක් අපි හදනවා. පේනවනේ දැන් කරන දේවල්.බය වෙන්න එපා හොඳේ. අපි මේ වංචනිකයින්ට,දුෂිතයින්ට එරෙහිව අපි හැප්පෙන්න ලෑස්තියි.ඒ ගොල්ලෝ කුමන කුමන්ත්‍රණ කළත් බිම්ගත වැඩසටහන්වල හිටියත් මේ වංචනිකයින්ට දුෂිතයින්ට දඬුවම් කරන එක නතර කරන්නේ නැහැ කියන එක මතක තියාගන්න.” යනුවෙන් ජනාධිපතිවරයා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...