රෂිකා හෙන්නායක මාර්තු 29, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ පළාත් අටක් ආවරණය වන පරිදි තෝරාගත් නගර දහයක් සංවර්ධනය කිරීමේ නව ජාතික වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් මීට පෙර පැවති සැලසුම්කරණ සහ සම්බන්ධීකරණ දුර්වලතා මගහරවා ගැනීමට අපේක්ෂිතය.
ආර්ථික අවස්ථා පුළුල් කිරීම, සංචාරක ආකර්ෂණය වැඩිකිරීම සහ තිරසාර නාගරික මධ්‍යස්ථාන බිහිකිරීම මෙහි ප්‍රධාන අරමුණු ලෙස හඳුනාගෙන තිබේ.
විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යයනයන් මත පදනම්ව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන හරහා සමබර ප්‍රාදේශීය සංවර්ධනයක් සහ විධිමත් නාගරික පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
මෙමගින් ආයෝජන සඳහා හිතකාමී වටපිටාවක් නිර්මාණය කරමින් ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව යටිතල පහසුකම් නංවාලීම සිදු කරනු ලබයි.





