කාන්තා ව්‍යවසායකත්ව ප්‍රවර්ධනයට නව මඟක්!

රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ LNW :

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන SheTrades ශ්‍රී ලංකා මධ්‍යස්ථානය, අනුරාධපුර ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායිකාවන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් පවත්වා ඇත.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ දේශීය ව්‍යාපාරිකාවන්ට ඩිජිටල් අලෙවිකරණය සහ වෙළඳ නාමකරණය පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබා දීමයි.

කෘතිම බුද්ධි මෙවලම් සහ සමාජ මාධ්‍ය උපාය මාර්ග භාවිතයෙන් තම නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය ශක්තිය මෙහිදී ලබා දී තිබේ.

ප්‍රාදේශීය ව්‍යාපාර සවිබල ගැන්වීම හරහා මෙරට අපනයන ආර්ථිකයට කාන්තාවන්ගේ දායකත්වය වැඩි කිරීම මෙම ව්‍යාපෘතියේ අපේක්ෂාවයි. දිවයින පුරා සිටින ව්‍යවසායිකාවන්ගේ තරඟකාරීත්වය ඉහළ නැංවීම සඳහා ඉදිරියේදීත් මෙවැනි අධ්‍යාපනික වැඩමුළු පවත්වන බවද සඳහන් වේ.

මෙමගින් තිරසාර ව්‍යාපාරික සංස්කෘතියක් ගොඩනැගීමට සහ කාන්තා නායකත්වය සහිත ව්‍යාපාර ගෝලීය මට්ටමට ඔසවා තැබීමට මග පෑදේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...