රෂිකා හෙන්නායක මාර්තු 29, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ පවතින හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව අනාවරණය වේ.
දිට්වා සුළි කුණාටුවෙන් එල්ල වූ බලපෑම් හමුවේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ ජනජීවිතයට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි ප්‍රධාන අරමුණයි.
ඒ අනුව විදුලිය, ඉන්ධන, ගෑස්, සෞඛ්‍ය සහ පොදු ප්‍රවාහනය වැනි සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කරමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
රජයේ දෙපාර්තමේන්තු සහ සංස්ථා හරහා සැපයෙන මෙම සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා වන නීතිමය ප්‍රතිපාදන මෙලෙස තවදුරටත් බලාත්මක කර තිබේ.




