පේරාදෙණියට වට වැස්ස මහනුවරයි වෙන්නප්පුවයි සම කරයි

Date:

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ මෙහෙය වීමෙන් ගතවූ සති අන්තයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති ජාතික කණිෂ්ඨ වයස 21 න් පහළ පිරිමි හොකී තරගාවලියේ අවසාන තරගය ආරම්භයත් සමගින්ම පතිත වූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන්,සූරතාවය සඳහා පිරිනමන චන්මුගම් කුසලානයේ අයිතිය අවසාන තරගයට පිවිස සිටි මහනුවර සහ වෙන්නපුව කණ්ඩායම්වලට සමව බෙදා දෙන්නට විය.


දිවයිනේ ප්‍රමුඛතම හොකී සංගම් 11 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරුණ මෙවර තරග මාලාවේ අර්ධ අවසාන පූර්ව වටය සඳහා මහනුවර කණ්ඩායම,වෙන්නප්පුව කණ්ඩායම,කොළම සංගමය,මාතලේ කණ්ඩායම, ශ්‍රී ලංකා පාසල් “රන්” කණ්ඩායම, කළුතර සංගමය, වෙළෙද සේවා සංගමය සහ ඒකාබද්ධ විශ්ව විද්‍යාලයීය කණ්ඩායම යන කණ්ඩායම් සුදුසුකම් ලැබීය.ඒ අතරින් අවසාන පූර්ව වටයට පිවිසි මහනුවර,කොළඹ,වෙන්නප්පුව සහ මාතලේ කණ්ඩායම් අතර පැවති තරගවලදී මහනුවර හමුවේ කොළඹ සංගමය ගෝල් 02 – 01 කින්ද වෙන්නප්පුව සංගමය හමුවේ මාතලේ සංගමය ගෝල් 04 – 02 කින්ද පරාජය ලැබීය.


ඒ අනුව චන්මුගම් කුසලානය මහනුවරට ද වෙන්නප්පුවටද යන්න තීරණය කිරීම සඳහා පැවති තීරණාත්මක තරගයේ ආරම්භයේදීම වට මහා වර්ෂාව තරගය පැවත්වීමට නොහැකි තරමට කළ බාධාව නිසා විනිසුරුවන් තරගය අත් හිටවූයේ 2023 වසර සඳහා ජාතික කණිෂ්ඨ පිරිමි හොකී සූරතාවයේ අයිතිය දෙපිළටම පවරමින් ය.


එකී දෙවන අනුශූරතාවයෙන් සෑහීමට පත් වන්නට කොළඹ සංගමයට සිදු විය.ඒ තෙවන ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගයේ දී මාතලේ සංගමයට පරාජය අත් කර දෙමින්ය.ඡායාරූඵයේ දැක්වෙන්නේ සම සූරයින් වූ මහනුවර සහ වෙන්නප්පුව කණ්ඩායම්වල නායකයින් සූරතා කුසලානය ලබා ගත් අවස්ථාවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...