*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පොලීසිය දෙසට හැරුණු ගල්කිස්ස වෙරළ නෙට්බෝලයේ රැල්ල, ඉනික්බිති…..

වෙරළ යනු අතිශයින් වානිජමය ආකර්ශණයක් ඇති තැනකි.එසේම විනෝදාත්මක අත්දැකීම් සඳහා විවෘත වූවකි.ශ්‍රී ලංකාව සතුව රට වට කර ගත් රමණීය වෙරළ තීරයක් ඇතත් බොහෝ විට එය ප්‍රයෝජනයට ගන්නේ රැල්ල පෑගීමටත්,නැවත සයුරටම ගසා යන වැළි මාලිඟා තැනීමටත්,පෙම් සුව විදිමටත් පමණි.ඊට අමතරව විනෝදය වෙනුවට පීඩාකාරී අත්දැකීම් සහිත යම් යම් අනීතික ක්‍රියාවන් සඳහා ද වෙරළ යොදා ගැනේ.
අප වෙරළට ආදරය කළ යුතුය.රැක ගත යුතුය.වෙරළට එන මිනිස්සු රැක ගැනීමට ද ආරක්ෂාවේ සහය වැඩි පුර අවශ්‍යය වන්නේය.එවැනි ආරක්ෂකයන්ට මුහුණු දෙකක් එකට ඇලෙනවා බැලීමට නොහැකි ආලිංගනයක් දකින්නට අපහසු සංස්කාතික රෝග ඇත්නම් ඒවා ද සුව කර යොමු කළ යුතුය.ආදරයට සහ විනෝදයට ඉඩ සැදුණු පොහොසත් වෙරළකින් පොහොසත් වන්නේ කෙසේද යන්නත් අප නිතර කල්පනා කළ යුතුය.


ඊට පිළිතුරු ලෙස යොදා ගත හැකි සංකල්පීය ක්‍රියාවින්තයක් පසුගිය දිනෙක ගල්කිස්ස වෙරළේ දි දියත් විය.ඒ ලංකාවේ පළමු මිශ්‍ර ජාතික වෙරළ නෙට්බෝල් තරගාවලියයි.ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයට පෑහී තිබෙන ජාතික වෙරළ නෙට්බෝල් සංගමයේ සභාපතිණිය යමුනා සඳමාලි සිය සඟයන් එකතු කර ගනිමින් චාන්ස් ස්පෝර්ට්ස් අනුග්‍රහය කැදවා ගනිමින් මේ කාර්යයට දායක වි තිබිණ.


නමුත් එහි ක්‍රීඩාවේ උද්යෝගය සහ උණුසුම හැරුණ විට තිබුණේ රැල්ල පැමිණ යළි මුහුදටම ගසාගෙන ගිය බවකි.නර්තනාංග ආදියෙන් ක්‍රියාවලියට විසිතුරු බවක් එකතු කරන්නට ගත් උත්සාහය පමණක් දකින්නට ලැබිණ.එහෙත් එය සමස්ත වෙරළ තීරයම පාදක කර ගනිමින් සංචාරක ආකර්ශණය වැඩි ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් යම් සැණකෙළි ස්වරූපයකින් ක්‍රියාත්මක විය යුතු සංකල්පයකි.එයට තව දුරටත් නෙට්බෝලයම පාදක කර ගත් සාමාන්‍ය නරඹන්නන්ට ත්‍යාග හිමිවන අය කිරිම් සහිත විනෝද ක්‍රීඩාවන් ද එකතු විය යුතුය.සංගීතාංග සහ නර්ථනාංග ඇතුළත් වන අතරම ඇඳුම් ආයිත්තම් පවා වඩාත් විචිත්‍රවත් විය යුතුය.වෙරළ ඉසව්වලට ආවේනික රිද්මයට පන දෙන බියර් වැනි පාන වර්ග ද අනුග්‍රහයට මුසු විය යුතුය.


දේශිය කණ්ඩායම් මෙන්ම විදේශිය කණ්ඩායම් ද එකතු වන වෙරළ නෙට්බෝල් සඳහා යම් ගෙවා විඳින තත්ත්වයක් සහිත සැණකෙළි සිරියක් එකතු කිරීම වැදගත් ය.යමුනලා ඒ කාර්යය වෙරළේ පැළ කරන මොහොත අපි ගල්කිස්සේ දී වින්දෙමු.එයට දිය පොහොර ඉස වඩන හිත් දැන් එකතු විය යුතුය.සංකල්පමය එකතු කිරිම් සමඟ වෙරළ නෙට්බෝලය සැණකෙළි තත්තවයට පොහොසත් කිරිමට දායක විය යුතුය.බොහෝ වෙරළ ක්‍රීඩා සමඟ මුහු වූ වෙරළ ක්‍රීඩා සැණකෙළියකට සියලු ක්‍රිඩා සංගම් දායක කරගෙන වැඩ කරන්නට ද ඉඩක් ඇත.ඒ සඳහා සංකල්පමය වශයෙන් ඉසව් ඈදිමේ ක්‍රියාවලියකට දායකවීමට අපට වුව බැරි නැත.මෙය රටේ ආර්ථිකයට ක්‍රිඩාව එකතු කරන සහ ක්‍රීඩාවන් ස්වාධිනව ඉපැයීමට එකතු කරන ක්‍රියාවලියක් සේ දැකිය හැකිය.


වෙරළ පමණක් නොව ලෝකයේ වෙරළ නැති රටවල් ද ස්විය භුමියේ වෙරළ ක්‍රීඩා පවත්වන බව ද ඒවායෙන් රටට විශේෂ ජයග්‍රහණ ගෙන එන බව ද ලෝකයේ පමණක් නොව ආසියාවේ වෙරළ ක්‍රීඩා සංස්කෘතිය පිළිබඳව විමසා බලන විට පැහැදිළි කර ගැනිමට හැකිය.ඒ නිසා මුහුදු වෙරළම නොවුණු වැලි බිම් ද වෙරළ ක්‍රිඩා සඳහා සොයා ගන්නට හැකියාව ඇත.ඊට වින්දනීය ඉඩ එකතු කිරිම අපේ සංවිධායකයාගේ විය යුතුය.


මේ සියල්ල ලියන්නට වචන සහ අදහස් හමුවුණ ගල්කිස්ස වෙරළ තීරයේ රමණීය අත්දැකිම නිමාවේ තරගකාරීත්වයෙන් ඉදිරියෙන්ම සිට තරගාවලියේ ජයග්‍රහණය සතු කර ගන්නට ශ්‍රී ලංකා පොලිසියට හැකි විය.අවසාන තරගයේදී පොලිස් කණ්ඩායම ඉදිරියේ ලකුණු 13 – 9 ක් ලෙස පරාජයට පත් වූ රත්මලාන නෙට් ෆෙයාර් කණ්ඩායම අනු සුරතාවය දිනා ගත්තේය.


තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා විමේ ඓතිහාසික ගෞරවය පොලිස් කණ්ඩායමේ භාරත රණතුංග දිනා ගත්තේය.දක්ෂතම ක්‍රීඩිකාව වීමේ ගෞරවය දිනා ගත්තේ රශ්මි ඔබේසේකර ය.මෙය අලුත් ප්‍රවේශයකි.මෙහිදි වැදගත් විය යුත්තේ එම පාර පහසුවෙන් ඇවිදිමට හැකි පරිදි ඉඩ සහිත පළල් පාරක් කිරිමය.ඒ සඳහා අවශ්‍යය වන්නේ මූලික වශයෙන් විවේචනාත්මක ගල් නොවේය.විවේචනාත්මක මල් ය.එම මල් ශක්තිමත් ගල් සේ සවිමත් මඟකට අතුරා ගැනිම පරිපාලනයේ වගකිමය.වෙරළට පැමිණ යළිත් මුහුදට එකතු වූ රැල්ලක් නොවෙන්නට වෙරළ නෙට්බෝල් අත්දැකිම ලාංකේය ක්‍රීඩා පොළවේ ස්ථාවර වන්නේනම් සහ එය ක්‍රීඩාමය ආර්ථිකයකට ප්‍රවේශ වන්නේනම් අපූරුය.අපි බලා සිටිමු.එයට ආරම්භයක් ගෙනා වෙරළ නෙට්බෝල් සංගමයට මෙන්ම අනුග්‍රාහක දායකත්වය දුන් චාන්ස් ආයතනයටත් සුබ පතමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan