අද ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හමුවීම් තුනක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 30, කොළඹ (LNW): ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් අද ජාත්‍යන්තර පිටියේ තරග වැදීමට නියමිතයි.ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායම අද බංගලාදේශයට එරෙහිව දෙවන ටෙස්ට් තරගයට මුහුණ දෙනවා.තරගය පැවත්වෙන චිතගොං ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාව හොඳින් දස්කම් දක්වා ඇති ක්‍රීඩාංගණයක් වීම නිසා මෙන්ම පළමු ටෙස්ට් තරගයෙන් අති විශිෂ්ඨ ජයක් ලබා තිබීම නිසා ද අද ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරගයට මුහුණ දෙන්නේ හොඳ විශ්වාසයකින් යුතුවයි.


කාන්තා ජාතික කණ්ඩායම අද දකුණු අප්‍රිකාවේදී සිය දෙවන විස්සයි විස්ස තරගයට මුහුණ දීමට නියමිතව සිටිනවා.පළමු තරගයේදී ශ්‍රී ලංකාව පරාජය වීම නිසා මේ තරගයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අතිශයින් වැදගත් වෙනවා.චමරි අතපත්තු ලකුණු අතරට පිවිසීමෙන් පමණක් ජයගත හැකි කණ්ඩායමක් ලෙස දකින ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වන විට හර්ෂිතා සමරවික්‍රම,හසිනි පෙරේරා,කවීශා දිල්හාරි වැනි ක්‍රීඩිකාවන් ද යම් විශ්වාසයක් ගොඩ නඟමින් සිටියත් චමරි තරම් ප්‍රහාරිකාවක් තවමත් හ්‍රී ලංකා කණ්ඩායම සතුව නැති නිසා ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ජයග්‍රහණය සඳහා චමරිගේ මැදිහත්වීම අතශයින් වැදගත් වෙනවා.


ඒ වගේම ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත සහ ඕස්ට්‍රේලියා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තීරණාත්මක තරගයකට අද ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව මුහුණ දෙනවා.ශ්‍රී ලංකාව ඉදිරියේ මෙන්ම එංගලන්තය ඉදිරියේදී ඕස්ට්‍රේලියානු තරුණියන් පරාජය වී ඇති නිසා අද තරගයේදී ජයග්‍රාහී කණ්ඩායම් දෙක අතරෙන් වඩාත්ම දක්ෂයා දැක ගැනීමට හැකි වන බැවින් තරගය තීරණාත්මක එකක් වෙනවා.ශ්‍රී ලංකාව පළමු තරගයේදී අනි විශිෂ්ඨ පන්දු රැකීමකට කණ්ඩායමක ජය – පරාජය විසඳිය හැකි බව පෙන් වූ අතර අද තරගයේ දි ද ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පන්දු රැකීම හරහා ගොඩ නඟන පීඩනය එංගලන්තයට පහසු නොවිය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...