කරුණා අම්මාන්ගේ සහාය රනිල්ට

Date:

ඉදිරි මැතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට තම පක්ෂය තීරණය කර ඇති බව එල්ටීටීඊ සංවිධානයේ හිටපු සන්නද්ධ නායක, දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ (TUFF) නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාලේ රට අගාධයට වැටුණා කියන එක හැමෝම දන්න දෙයක්. ඒ නිසා තමයි ජනතාව ඔහුව පැන්නුවේ. දැන් ඉන්න ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාරුකම් මැද්දේ රට ගොඩ අරන් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට ඉදිරිපත් වුණොත් ඔහුට සහයෝගය දෙන්න අපේ පක්ෂය විදියට අපි තීරණය කරලා තියෙනවා. මහමැතිවරණයකට එක්ව තරග කරනවාද, තනිව තරග කරනවාද කියන එක අවසන් මොහොතේදී තමයි අපි තීරණය කරන්නේ”

කරුණා අම්මාන් මේ බව පැවසුවේ ඊයේ (29) මඩකලපුවේදී පැවති TUFF පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...