වහල් කඳවුරකින් මුදා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයින් පිළිබඳ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිගෙන් තොරතුරක්!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 30, කොළඹ (LNW): මේ වනවිට මියන්මාරයේ වහල් කඳවුරකින් මුදා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයින් කඩිනමින් දිවයිනට එවීමට පියවර ගනිමින් සිටින බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසයි. 

එම ලාංකිකයින් 08 දෙනා සම්බන්ධයෙන් වන පොලිස් පරීක්ෂණ මේ වනවිට අවසන්ව ඇති බව ඔහු පැවසූ අතර, දැනට මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් 48 දෙනාද කඩිනමින් මුදා ගන්නා බව තානාපතිවරයා පැවසුවේ ය. 

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ ඇති ප්‍රදේශයක ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු රඳවාගෙන විවිධ පරිගණක අපරාධ සඳහා යොදා ගනිමින් සිටින බව පසුගියදා අනාවරණය විය. පරිගණක ආශ්‍රිත රැකියා ලබා දෙන බව පවසමින් මේ පිරිස මියන්මාරයට රැගෙන ගොස් තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...