*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

පාස්කු ප්‍රහා­ර­යෙන් මිය ගිය කතෝ­ලික ජනතා­වට සාධාරණය ඉටුකරන්න – කාවින්ද ජය­ව­ර්ධන

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 30, කොළඹ (LNW): පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රයට සම්භන්ධ සාක්ෂි වසන් කරන්න හැකි බවත්, අප­රා­ධ­ක­රු­වන්ට පැනයාමට අවස්ථාව ඇති බවත් සැක­යක් තිබෙ­න බව පාර්ලි­මේන්තු මන්ත්‍රී කාවින්ද ජය­ව­ර්ධන මහතා පැව­සීය.

අධි­ක­ර­ණ­යට මේ තොර­තුරු වහාම අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර, පාස්කු ප්‍රහා­ර­යෙන් මිය ගිය කතෝ­ලික ජන­තා­වට තුවල වුණ ජන­තා­වට සාධා­ර­ණ­යක් ඉටු කිරීමට කල් නොගන්නා ලෙසත් ඉල්ලීම් කරන බවද පවසයි,

හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රයේ මහ මොළ­කරු පිළි­බඳ හෙළි නොකර සිටිම වර­දක් බවත්, වහාම මෙම සිද්ධිය පිළි­බඳ දන්නා තොර­තුරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර පාස්කු ප්‍රහා­ර­යෙන් මිය­ගිය සහ තුවාල ලැබූ කතෝ­ලික ජන­තා­වට සාධා­ර­ණ­යක් කරන ලෙසත් කාවින්ද ජය­ව­ර්ධන මහතා මෙහිදී ඉල්ලා සිටි­යේය. සමඟි ජන­බ­ල­වේග ආණ්ඩු­වක් බිහි වූ සැණින් පාස්කු ප්‍රහා­රය පිළි­බඳ පරී­ක්ෂණ සිදු කළ නිල­ධා­රින් එම තන­තු­රු­ව­ලට නැවත පත් කර පරී­ක්ෂණ නැවත ආරම්භ කරන බවද ඒ මහතා සඳ­හන් කළේය.

වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ කාවින්ද ජය­ව­ර්ධන මහතා,

“මෛත්‍රී­පාල සිරි­සේන මහතා ජනා­ධි­පති ලෙස කට­යුතු කරන සමයේ තමයි මේ ත්‍රස්ත ප්‍රහා­රය වුණේ. ඒ අව­ස්ථාවේ හිටපු ආර­ක්ෂක ලේකම් කිවුවේ ප්‍රහා­රය ගැන දැන­ගෙන හිටියා, ඒත් ප්‍රහා­රය මෙත­රම් දරුණු වෙයි කියලා හිතුවේ නෑ කියලා. ඒ වගේම මේ ප්‍රහා­රය ගැන බුද්ධි තොර­තුරු පවා වාර්තා වෙලා තිබුණා.යම් යම් උසස් පොලිස් නිල­ධා­රීන්ට මේ පිළි­බඳ තොරු­තරු ලැබිලා තිබුණ බව පාස්කු දින ප්‍රහාර ගැන පරී­ක්ෂණ කළ ජනා­ධි­පති කොමි­සන් සභාවේ වාර්තාවේ සඳ­හන් වනවා.

“ත්‍රස්ත ප්‍රහා­රය පිළි­බ­ඳව මෛත්‍රී­පාල සිරි­සේ­නට අනා­ව­ර­ණය කළාද යන්න නිලන්ත ජය­ව­ර්ධන ගෙන් ජනා­ධි­පති කොමි­සන් සභා­වේදී ප්‍රශ්න කරන විට ඔහු නිහ­ඩව සිටි බව අනා­ව­ර­ණය වෙනවා. මේ තොර­තුරු දෙස බලන විට හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට ප්‍රහා­රය පිළි­බඳ යම් දැනු­මක් තියෙන්න ඇති කියලා අපිට අනු­මාන කරන්න පුළු­වන්. ඒ වගේම ඒ පිළි­බ­ඳව අපිට සැක­යක් තිබෙ­නවා. එවැනි අව­ස්ථා­වක තමයි හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන කියන්නේ පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රය සිදු­කළ පිරිස පිළි­බඳ තොර­තු­රුක් තුන වැනි පාර්ශ්ව­යෙන් ලැබුණා කියලා.

මේ තොරු­තරු සති තුන­කට කලින් මෛත්‍රී­පාල සිරි­සේන හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට අනා­ව­ර­ණය වු බව ඔහු පව­ස­නවා. එසේ­නම් ඇයි මේ පිළි­බ­ඳව මෛත්‍රී­පාල සිරි­සේන හෙළි නොකළේ. හෙළි­ද­රවු නොකර සිටීම අප­රා­ධ­මය වර­දක්. සති තුනක් තුළ තොර­තුරු වසන් කරන්න පුළු­වන්.

සාක්ෂි වසන් කරන්න පුළු­වන්, අප­රා­ධ­ක­රු­වන්ට පැන යන්න පුළු­වන්, එවැනි තත්ත්ව­යක් ඇති වෙයිද කියලා අපට සැක­යක් තිබෙ­නවා. අධි­ක­ර­ණ­යට මේ තොර­තුරු වහාම අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කරලා පාස්කු ප්‍රහා­ර­යෙන් මිය ගිය කතෝ­ලික ජන­තා­වට තුවලා වුණ ජන­තා­වට සාධා­ර­ණ­යක් ඉටු කරන්න කල් ගන්න එපා කියන ඉල්ලීම කර­නවා.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan