*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ජනපති e කොළම.

අශෝක ජයතුංග

මාර්තු 30, වොෂින්ටන් LNW :

🎀උපන්දින දා කපටි නරියා දැමූ ජෝගි….?

🎀“රනිල්ගෙ පුත්තු” මඩ ලිපියට ගුටිබැට…..?

🎀එන්නෙ ජනපතිවරණයයි. නරියාගෙන් කපුටාට යළිත් වහෙන් ඔරෝවක්….?

🎀තාත්ත පාසල් හැදුවා…පුතා රෝහල් හදනවා……?

🎀පිනට කන බොන අදින අය දරුවන්ට පිනට කන්න දෙන බවට මඩ ගැසීම….!

🎀මාළිමාවේ කැනඩා සංචාරයේදී දෙමළ ඩයස්පෝරාවේ මැදිහත්වීම ලීක් වෙයි…..?

🎀මම CID ද..හිටං කිව්වෙ මොනවද මම දන්නෙ කොහොමද….?

🎀රාජපක්ෂලාට චමල් ගෙන් ඇඩ්වයිස්…..?

🎀කළුතර රත්තරං ගේ බෙල්ලෙන් නාමල් කැඩූ මාලය…..?

          උපන්දිනයට සක් පිඔලා අණබෙරගසා කනබොන පිරිස් ගෙන්වා කාලය හා සල්ලි පුච්චා ජෝගි නැටීම හෝ රටපුරා බැනර් එල්ලීම  රනිල් ගේ ක්‍රමය නොවේ. නිවසේ සිට බිරිඳ මෛත්‍රී සමග සුබපැතුම් භුක්ති විදීම එකම උපන්දින සැමරුම විය.

             තවද පෞද්ගලිකව පවත්වාගෙන යන ළමා නිවාස වලට විශේෂ ආහාර පොත් හා ඇදුම් සැපයීම සිදු කෙරිණ. ඒ අතරේ සතියේ රට පුරා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ඇමතුම් දීමේ වැඩක් ද සිදුවිය.

        සදුදා ඔහු නාරාහේන්පිට සුජාතා ප්‍රාතමිකයට  ගියේ දරුවන්ට ආහාරදීමේ ජාතික කටයුත්ත ඇරඹීමටය. එම ව්‍යාපෘතිය ගැන එදින ජනපතිගේ දුරකතනයට සුපැතුම් 3500 ක් ලැබිණ.

      “අපේ පාසලේ දරුවන්ගේ 90% ක් දෙමව්පියන් කුලී කරන අයයි. කෑම හිග නිසා පාසැල් එන්නෙ නෑ. එන අය කුසගිනි නිසා කලන්තෙ දානවා. සමහරු ගෙදර වෙලා නිදාගන්නවා.දැන් කෑම නිසා දරුවො පාසැල් ඒවි.ඒකට පිං” විදුහල්පති කෙනෙකුගේ පණිවිඩය එසේ විය.

     “මේ සංවේදී මැසේජ් ගැන ක්‍රියාකල යුතුයි”ජනපති කීවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත්ට ය.

      “පිනට කන බොන අදින පක්ෂයෙ අය පාසැල් දරුවන්ට පිනට කන්න දෙනවායි මඩ ගහන එක පුදුමයි” එහිදී කියවින.

     කැබිනට් එකට පෙර දේශපාලන කැබිනට්ටුව රැස්වින. මුලින් එන ඡන්දය ගැන එහිදීද කතාබහ විය.

     “IMF වැඩේ නිසා අගෝස්තු තෙක් ඡන්ද බෑ. ඒක මම කැබිනට් එකටත් කියනවා. ව්‍යවස්ථාව අනුව මුලින් නියමිත ඡනපතිවරණයයි” රනිල් කීය.

      අකිල සරසවි ඇදුරන්ගේ හමුවක් සූදානම් කොට තිබිණ.ස්වාධීන පිරිසක් වූ ඔවුන් රනිල්ගේ දර්ශනය හදාරා ඊට ලැදි පිරිසක් බව පෙණින.

     “රට ගොඩ ගැනීම ඇරඹී ඇතිනිසා අත්දැකීම් නැති අයට රට ගියොත් ආපහු වැටෙනවා. මිනිස්සු මේව තේරුම් ගන්න ඹිනෑ” ඇදුරෝ කීවෝය. පසුදා ඩිජිටල් සමුළුවට ගිය රනිල් කෘතිම බුද්ධිය සදහා වන මධ්‍යස්ථානයක් ඇමෙරිකානු සමාගමක සහායෙන් පිහිටවීම ගැන ද කතා කළේය.

     ගෙවුණ සතිය රනිල් හා සෞඛ්‍ය ක්ෂ්‍රේත්‍රයේ ජයග්‍රාහී වකවානුවක් විය. උතුරේ හා දකුණේ රෝහල් 03 ක් ඇරින. පේදුරුතුඩුව , රාගම අක්මා රෝහල හා ආසියාවේ විශාලම ගාල්ල මාතෘ රෝහල ඒවාය.

    “තාත්ත පාසැල් හැදුවා. පුතා රෝහල් හදනවා” රනිල් වෛද්‍ය රමේෂ් ට සෙටිපිකට් දුන්නේ ය.

     සුනාමි එනවිට ගාල්ලේ හෝටලයක සිටි  හිටපු ජර්මන් නායක හෙල්මුට් කෝල් විපත දැක මෙම රෝහල ගාල්ලට දුන් ත්‍යාගයකි. ඊට ලැබුණු මුදල් පවා හොරපාරේ ගොස් වැඩ ඇනහිට තිබිණ. ජර්මනිය යළිත් මුදල් ලබාදී වැඩ නිම කළේ සුනාමියෙන් වසර 18 කට පසුවය.

     ශිෂ්‍ය පාර්ලිමේන්තුවේදී දරුවන් යොමුකල ප්‍රශ්න වලින් පසුව නිලධාරියෙකු කීවේ අපූරු කතාවකි.

     “සර්, පාර්ලිමේන්තුවෙ අහන ඒවට වඩා ලමයි බුද්ධිමත් ප්‍රශ්න ඇහුව නේද” කියාය.

     “අපේ  Z ජෙනරේෂන් එක ගැන බය වෙන්න දෙයක් නෑ” ජනපති කීවේ සමන් ඒකනායකට ය.

     “මම මතුකළේ ජවිපෙ අහන ප්‍රශ්නයි. ඒත් මේ ලමයි දුන්නෙ ජවිපෙ දෙන උත්තර නෙවෙයි” කපටි නරියා කීවේ කොක්හඩලමිනි.

     භූතානය පැරදූ පාපන්දු පිළ ජනපති හමුවූ අතර ඔහුට වෙන්කල ජර්සියක් තිළිණ කලහ. ඉන්දු ලංකා එකගතා  ගැන සාකච්ඡාවකට ඉන්දියා ගිය සාගල හා පිරිස එහි ප්‍රගතිය වාර්තා කළෝය.

      කපුටා හා නරියා ගේ හමුව එහි සිටි පිරිස් රටට ලීක් කොට තිබිණ.

     “දේශපාලන වාසි වලට වඩා රටේ ප්‍රගතිය ගැන හිතලා තීන්දු ගනිමු”අන්තිමට නරියා කපුටාට එහිදී කී හූව එය විය.

      “පොහොට්ටු ජාතික සංවිධායකකම රෝහිත අබේ ට දෙන්න ඉදල කාන්තා බලපෑම නිසා නාමල් ට දීලලු” මනූෂ ජනපතිට කීවේ මුදල් අමාත්‍යාංශයේදීය.

    “බැසිල් අයින් වුණාම රාජපක්ෂ පවුල හමුවෙලා.  අපට විරුද්ධ මත සජබ ජවිපෙ පතුරන නිසා අපෙන් පිට අයට ඉහළ තනතුරු දෙමු කියල චමල් යෝජනා කරලා” මහාචාර්ය ආශු කීවේය.

     “රෝහිත හා ප්‍රසන්නගෙ නමත් යෝජනා වුණාලු.ආණ්ඩුවේ සංවිධායක නිසා ප්‍රසන්න එපා කිව්ව කට්ටිය ලු. ඒත් නාමල්ට දුන්නම ෂොක්. චමල් වගෙම බැසිලුත් කලකිරිලලු” එහිදී කියවින.

      “නාමල් ගෙ පත්වීම ගැන පොහොට්ටු මයික් ටයිසන්ලත් දැගලුවේ නෑ” අයෙක් කීවේ සිනාමැදය.

    “රනිල් පුත්තු කියල මඩ ලිපියක් ලියපු කෙනාට ඇමති කාංචන ගහලා.දැන් පක්ෂෙයි පවුලයි දෙකම අවුල්. අපි බැලන්ස් එකේ එගොඩට පීනමු” ආශු කීවිට පිරිස සිනාසුන ද කපටි නරියා නළල රැළි ගැන්වූවා පමණය.

      “මාළිමාවෙ කැනඩා ට්‍රිප්එක පිටුපස දෙමළ ඩයස්පෝරාවත් ඉදලලු. එයාල ඩො මිලි: 03 දුන්න කියලත් කියනවා. සාධාරණ දෙමළ අරගලයට කැනඩාව දීපු සහායට අනුර ස්තුති කලේ ඩයස්පෝරාව සතුටු  කරන්න වෙන්නැති.  රැස්වීමට ගිය අයත් දැන් හෙණ අවුල් වෙලා කියල ආරංචියි” එහිදී කියවින.

      “හිටං, පාස්කු පුහාරය ගැන මොනව කියලද දන්නෙ නෑ නේද” ඒ පැනයට ද නරියාගෙන් “හූම්” නැත.

     “මම CID එකේ වැඩ නෑ” කී ඔහු ඉවත බලාගත්තේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan