කඩා වැටුණු ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම නවීකරණයට ඩො. මි. 60ක් වෙන් කරයි!

0
774
BALTIMORE, MARYLAND - MARCH 29: A crane works on the debris of the Francis Scott Key Bridge on March 29, 2024 in Baltimore, Maryland. The bridge collapsed on Tuesday at 1:30AM , after being struck by the massive cargo ship Dali. Two members of a road repair crew were pulled from the Patapsco River immediately after the collision, while two other bodies were pulled from the water on Wednesday and four people remain missing and are presumed dead after the Coast Guard called off rescue efforts. The accident has temporarily closed the Port of Baltimore, one of the largest and busiest on the East Coast of the U.S. (Photo by Kevin Dietsch/Getty Images)

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):මේ වනවිට අමෙරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු එරට කාර්යබහුලම වරායේ නැව්ගත කිරීම් අත්හිටුවා ඇති බවත්, සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා ඇති බව PBS News අණාවරනය කරයි.

විදෙස් වාර්තා සඳහන් කළේ, සුන්බුන් අතර කිමිඳීමේ අවදානම හේතුවෙන් කම්කරුවන් සිව්දෙනෙකුගේ සිරුරු සෙවීමේ කටයුතු තවදුරටත් නවතා දමා ඇති බවත්, පාලම යථාතත්ත්වයට පත්කිරිම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බවයි.