අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළ – 2021 සම්මාන ප්‍රදානෝත්සවය

Date:

රාජ්‍ය නාට්‍ය උලෙළ – 2021 සම්මාන ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ඊයේ (27) රාත්‍රියේ දී පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මූලිකත්වයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය  රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව  49 වැනි වරට රාජ්‍ය නාට්‍ය උලෙළ – 2021 සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබිණි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය විසින් මෙහි දී සමරු කලාපය හා 90 දශකයේ නාට්‍යකරුවන් පිළිබඳ ලියැවුණු අභිනය කලාපය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලැබුවාය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මෙහිදී නාට්‍ය කීර්තී සම්මාන ප්‍රදානය සිදු වූ අතර එෆ්.ජූල්ස් කොලින්, ලලිතා සරච්චන්ද්‍ර, නීල් අලස් මහත්ම මහත්මීහු මෙසේ නාට්‍ය කීර්ති සම්මානයෙන් පිදුම් ලැබූහ.

වසරේ හොඳම නළුවා ලෙස කෙටි නාට්‍ය (සිංහල) දේශාන් සේනාරත්න, වසරේ හොඳම නිළිය කෙටි නාට්‍ය (සිංහල) ආශංසා පීරිස්, වසරේ හොඳම නළුවා සම්මානය දිගු නාට්‍ය (සිංහල) සමිත සුධීෂ්වර, වසරේ හොඳම නිළිය දිගු නාට්‍ය (සිංහල) නිපුණි ශාරධා පතිරගේ සම්මානයට පාත්‍ර වූහ.

සිංහල හා දෙමළ නාට්‍යට අදාළව කුසලතා සහතික, ජූරියේ විශේෂ සම්මාන ඇතුළුව සම්මාන 96ක් මෙහි දී පිරිනැමිණි.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති මහාචාර්ය ආරියරත්න ඇතුගල, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්ම මහත්මීහු සහ නළු නිළියන් ඇතුළු සම්භාවනීය කලාකරුවෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...

රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...