ගෑස් මිල අනිවාර්යයෙන්ම තවදුරටත් ඉහළ යනු ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ප්රශ්නය – සිංහල අවුරුද්ද වෙනකල්ම ජනතාවට මේ ගෑස් පෝලිම්වල ඉන්න වෙයිද ?
“විශේෂයෙන්ම ලිට්රෝ සමාගම ප්‍රකාශයට පත්කරලා තියෙන ආකාරයට දැනට ඒ ගෑස් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කරනවා දිනකට ලක්ෂය බැගින්. ලබන 4 වෙනිදා 5 වෙනිදා වෙනකොට මේ හිඟය නැතිවෙයි කියන එකක් තමයි ලිට්රෝ සමාගම කියලා තිබෙන්නෙ. ඉතින් අපිත් ප්‍රාර්ථනා කරනවා එවැනි තත්වයක් ඇතිවෙලා ජනතාවට මේ සිදුවන අපහසුතාවයන් අවම වෙයි කියලා”
ප්රශ්නය – ලිට්රෝ සමාගමේ ගෑස් මිල ඉහළ යනවාද, මේ ගාණටම තියෙනවද ?
“තවදුරටත් ගෑස්වල මිලත් අනිවාර්යයෙන්ම ඉහළ යාමකට ලක්වෙයි”
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ ඊයේ (29) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
RN