පුටින්ගේ පොරොන්දු විස්වාස නෑ, බලමු කෙරුවාව කොහොමද කියලා – ජෝ බයිඩන්

Date:

රුසියාව සහ යුක්රේනය අතර ආරම්භ වී ඇති සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යාම සඳහා රුසියාව විසින් යුක්රේනයේ සිදු කරන යුද මෙහෙයුම් සීමා කිරීමට තීරණය කළ බව රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළේය. ඒ අනුව යුක්රේන අගනුවර වන කිව් අගනුවර ඇතුළු නගර කිහිපයක යුද මෙහෙයුම් සීමා කිරීමටයි රුසියාව තීරණය කර තිබෙන්නේ.

කෙසේ නමුත් රුසියාවේ මෙම තීරණය විස්වාස කළ නොහැකි බවයි බටහිර රටවල් පවසන්නේ. රුසියාවේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසා තිබෙන්නේ රුසියාවේ පොරොන්දු ඉටු කිරීම ප්‍රායෝගිකව සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසු ඒ පිළිබඳව නිගමනවලට පැමිණිය හැකි බවයි.

රුසියාවේ තීරණය සම්බන්ධයෙන් යුක්රේනයද සිටින්නේ එතරම් විස්වාසයකින් නොවේ. යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ යුද මෙහෙයුම් සම්පූර්ණයෙන් අත්හිටුවන තෙක් රුසියාවට පනවා ඇති සම්බාධක ඉවත් නොකරන බවයි. ඊයේ රාත්‍රී ජාතිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

සටන් විරාමය අතරතුර සිරියාවේ අයින් අල්-අරාබ් වෙත එක්සත් ජාතීන්ගේ ආධාර රථ පෙළක් ළඟා වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

ප්‍රශ්නගත ගල් අඟුරු ටෙන්ඩරය: දෛනික පාඩුව මිලියන 75ක්. ජම්පර් කතාවත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන්...

විශේෂ ආර්ථික කලාපයක් ලෙස පෝර්ට් සිටි සංකල්පය සැබෑවක් කළ Bay One Residences!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : කොළඹ පෝර්ට් සිටි...