ට්‍රම්පච්චි යළිත් එයිද – බයිඩන් අභිබවා ට්‍රම්ප් ඇමරිකානුවන් අතර ජනප්‍රිය වෙයි

Date:

2024 ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව සිදුකළ මත විමසුමකදී වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අභිබවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට පැමිණ තිබෙනවා.

Harvard CAPS-Harris මතවිමසුමට අනුව, මේ මොහොතේ මැතිවරණය පැවැත්වුවහොත් ඇමරිකානුවන් 41% කගේ සහාය ජෝ බයිඩන්ට හිමිවෙද්දී 47% කගේ සහාය ට්‍රම්ප්ට හිමි වේ.

මීලඟ ජනාධිපතිවරණය සඳහා ට්‍රම්ප් ඉදිරිපත් වන්නේද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත. කෙසේ නමුත් ඔහු 2024 දී යළිත් පැමිණෙන බවට ඉඟි පළකර තිබෙනවා. Harvard CAPS-Harris මත විමසුමේ ප්‍රතිඵල ට්‍රම්ප්ට ජනපති සටනට පැමිණීම සඳහා උත්තේජනයක් වනු ඇත.

රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර තවමත් ජනප්‍රියම අපේක්ෂකයා ට්‍රම්ප් වන අතර ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ඔහුට පූර්ණ සහයෝගය ලබාදෙන බව රිපබ්ලිකානුවන් 59% කට වැඩි පිරිසක් ප්‍රකාශ කරනවා. ඔහුගේ ආසන්නතම තරගකරුවන් වන හිටපු උප ජනාධිපති මයික් පෙන්ස් සහ ෆ්ලොරීඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටීස් සතු ජනප්‍රියත්වය පිළිවෙලින් 11% ක් හා 10% ක් වේ.

යම් හෙයකින් ට්‍රම්ප් ජනපති සටනට නොපිවිසෙන්නේ නම්, රිපබ්ලිකානුවන් බහුතරයකගේ තේරීම වනු ඇත්තේ රොන් ඩිසැන්ටීස්ය. ට්‍රම්ප් නොමැති තරගයක ඩිසැන්ටීස්ට සහාය දෙන ප්‍රමාණය 28% ක් වන අතර පෙන්ස්ට සහාය දෙන රිපබ්ලිකානුවන් ප්‍රමාණය 24% කි.

මේ අතර එන්බීසී නිවුස් සිදුකළ මත විමසුමකදී බයිඩන්ගේ ජනප්‍රියත්වය 40% ක් දක්වා පහත වැටී තිබේ. යුක්රේන අර්බුදය, වසර 40 කට පසුව උද්ධමනය විශාල ලෙස ඉහළ යාම ඇතුළු හේතු කිහිපයක් බයිඩන්ගේ ජනප්‍රියත්වය පහත වැටීමට හේතු වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත ප්‍රහාර එල්ල කරයි; සුදුකාරයා මෙවර පරාජය වනු ඇති බව ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්ස්ත් ජනපදය විසින්...

යුපුන්ගේ රිදමයට පැමිණීම

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: යුපුන් අබේකෝන් සිටියේ යම්...

ජ.වි.පෙ.ට යථාර්ථය සම්මුඛ වීම ….

මාලිමාව බලය සඳහා හෝ වෙන දෙයක් සඳහා හෝ බාහිර...

බංගලාදේශ නායක සන්ටෝ සහ දඟ පන්දු බල ඇණිය වැඩි ගෞරව දිනා ගත් තරගයක්

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...