ලබන සතියේ සිට විදුලි කප්පාදුව පැය 10 ටත් වැඩි වන ලකුණු !

0
382

පසුගිය කාලසීමාව පුරා පැය 07 ක් නොඉක්මවා ගිය විදුලි කප්පාදුව පළමුවරට අද දිනයේදී පැය 10 ක් දක්වා දීර්ඝ විය. මීට හේතු වී තිබෙන්නේ රට මුහුණ දී සිටින දැවැන්ත ඉන්ධන අර්බුදයයි.

ඉන්ධන නොමැතිකම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරය ඊයේ සිට සම්පූර්ණයෙන් අක්‍රියව පවතින අතර තවත් බලාගාර කිහිපයකද විදුලි ජනන කටයුතු නොකඩවා සිදු කිරීමට නොහැකි වී තිබේ.

විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසන්නේ විදුලි ජනන කටයුතු සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබුණහොත් ලබන සතියේ සිට විදුලි කප්පාදුව පැය 10 ද ඉක්මවා යනු ඇති බවයි.

මෙම සතියට අවශ්‍ය ඉන්ධන තොග පවා මෙතෙක් නිකුත් කර නොමැති අතර ඒ අනුව පැය 10 ක විදුලි කප්පාදුව ඉදිරි දින කිහිපය පුරා බලපැවැත්වීමටද ඉඩ තිබෙනවා.

මේ වනවිට වාහන සඳහා ඩීසල් නිකුත් කිරීමද සම්පූර්ණයෙන් අක්‍රිය වී ඇති අතර ඉන්ධන හල් වෙත ඉන්ධන තොග නිකුත් කිරීමද දින දෙකකට අත්හිටුවා තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ කොළඹ වරාය වෙත පැමිණි නෞකාවක ඩීසල් තොග ගොඩබෑම නියමිත කාලය තුළදී සිදු කිරීමට නොහැකි වීමයි.

අද පෙරවරුවේ ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා ප්‍රකාශ කළේ ඩීසල් නිකුත් කිරීම දින දෙකකට අත්හිටුවා තිබෙන බැවින් නිකරුනේ ඩීසල් පෝලිම්වල රස්තියාදු නොවන ලෙසයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here