භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1600 ඉක්මවයි: ජුන්ටාවේ ගුවන් ප්‍රහාර දිගටම

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මියන්මාරයට බලපෑ රික්ටර් මාපකයේ 7.7 ක හා 6.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පන හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 1,644 දෙනෙකු මියගොස් 3,400 කට වැඩි පිරිසක් තුවාල ලබා 139 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මියන්මාරයේ මිලියන 1.5 ක් පමණ ජනතාවක් වාසය කරන දෙවන විශාලතම අගනගරය වන මැන්ඩලේ හි ගොඩනැගිලි හා නිවාස විශාල වශයෙන් විනාශයට පත්ව ඇති අතර උපකරණවල උග්‍ර හිඟය, අස්ථාවර සන්නිවේදන ජාල සහ සුන්බුන් වූ මාර්ග සහ පාලම් මුදාගැනීමේ කටයුතු වලට බාධාවක් වී ඇත.

2021 දී බලය අල්ලා ගත් මියන්මාරයේ හමුදා රජය හෝ ජුන්ටාව, කැරලිකාර කණ්ඩායම්වලට එරෙහි සිව් අවුරුදු සිවිල් යුද්ධයෙන් අනතුරුව තවදුරටත් රටේ බොහෝ ප්‍රදේශවල පාලනය නොමැති බැවින් භූකම්පනය සිදු වූ පසුගිය සිකුරාදා 28වන දින සිට ගලවා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින අතර ජාත්‍යන්තර ආධාර රට තුළට ඇතුළු වීමට පටන් ගෙන ඇති නමුත්, දරුණුතම හානියට පත් ප්‍රදේශවලට තවමත් උදව් ලැබී නොමැති අතර සාමාන්‍ය ජනතාව අතින් දිවි ගලවා ගත් අය ඉවත් කිරීමට උත්සාහ කරමින් සිටිති.

කෙසේ නමුත් මියන්මාර ජුන්ටාව සිය පාලනයෙන් තොර ප්‍රදේශවලට දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන අතර මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබුණේ, මිනිසුන් බේරා ගැනීමට උත්සාහ කරන විට බෝම්බ හෙළීම දිගටම කරගෙන යාම ඇදහිය නොහැකි දෙයක් බවත් සම්පුර්ණයෙන්ම පිළිගත නොහැකි දෙයක් වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...