*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

බහුජාතික ප්‍රාග්ධනයේ සහ මුල්‍ය අරමුදලේ සහය නොමැතිව ලංකාව දියුණු කල හැකිද ?

ලාංකීය වාම බලවේග රට නැවත ගොඩ නංවන ඔවුන්ගේ ක්‍රමවේද ලෙස ගෙනහැර දක්වමින් සිටින්නේ බහුජාතික ආයෝජකයන්ද මැදිහත් කර නොගෙන ජාත්‍යන්තර ණයද නොගෙන දේශීය ආර්ථිකයක් හරහා රට දියුණු කරන ක්‍රමයක් ගැනය. මෙය එක පැත්තකින් අපබ්‍රංශයක් වන අතර තවත් පැත්තකින් ඉතාම අපැහැදිලි ජනප්‍රිය වාදයකි, මන්ද බහුජාතික සමාගම් මැදිහත් කර නොගෙන ජාත්‍යන්තර ණයද නොමැතිව දැන් කල හැකිව ඇති කර්මාන්තයෝ නම් හේන් ගොවිතැන හා සතුන් දඩයම් කිරීම වැනි දෑ පමණි.

මෙහිදී ලාංකීය දේශීය කර්මාන්ත ගැන කතාකරන විට එහි ප්‍රමුඛස්තානයේ පවතින්නේ ගැමි වී ගොවිතැනයි. එසේම මේ මොහොතේ ග්‍රාමීය ප්‍රජාව විශාල ප්‍රමාණයක් නිරතව සිටින ජීවනෝපායද මේ වී ගොවිතැනයි.
මේ වී ගොවිතැන සම්බන්දව පවතින බරපතලම ගැඨළුව නම් වගාවට අවශ්‍ය පොහොර සහ සියළු සහන රජය විසින් ලබාදී තිබියදී පවා ගොවියාට වගාව අවසානයේදී වගාවට දැරූ පිරිවැය ආදායමෙන් අඩුකල විට අවමවශයෙන් ඔහු කුඹුරට යෙදූ මහසියට අදාල මුදලවත් ඔහුට ඉතිරි නොවීමයි. මේ තත්වය තුල ගොවියා කෘෂි කර්මයේ නියැලෙන්නේ අවමවශයෙන් තුන්වේලට නිවසට අවශ්‍ය සහල් ටික ලැබෙන නිසා සහ වෙන අන් කලහැකි කිසිවක් ඔහු සතුව නොමැති නිසාය.

වී ගොවි තැන පමණක් නොව සියළු දේශීය කර්මාන්ත කඩාවැටීමේ අතිමූලික හේතුව නම් ගෝළීයකරනය තුල බහුජාතික ප්‍රාග්ධනය යටතේ නිපදවන තාක්ෂණයෙන් ඉහල බාන්ඩ දේශීය සුළුනිශ්පාදකයාගේ බාන්ඩවලට වඩා කීපගුණයකින් අඩු මිලකට පාරිභෝගිකයාට අද ලබාගතහැකි සන්දර්බයයි.

මෙහි සරළ හේතුව දේශීය නිශ්පාදන බලවේග සහ තාක්ෂණය අතිශය ප්‍රාතමික තත්වයක පවතින නිසා එවන් නිශ්පාදනයන් සඳහා අනවශ්‍ය පිරිවැයක් සහ ශ්‍රමයක් වැයකිරීමට සිදුවීමයි. එසේම මෙසේ නිශ්පාදනය කරන බාන්ඩවල තත්වයද එතරම් යහපත් නොවීමයි. මේ තත්වය නිසා නිශ්පාදන ක්‍රියාවලිය පටු ප්‍රාදේශීය අච්චුවක මෙසේ සිරවීම තුල නිශ්පාදකයාද පාරිබෝගිකයාද දෙදෙනාම ඓතිහාසික අර්බූදයකට ඇදවැටේ.

සමස්ථයක් ලෙස ගත්කල මේ ගොවීන් සතුව ඇති කුඹුරු ප්‍රමාණයද එක් අයෙකුට අක්කර දෙක තුනකි, ඇතැම් විට ඊටත් අඩුය. ඒ ගැමි ආර්ථිකයේ වෛශයික ව්‍යුහයයි. මෙහි ඇති ගැඨළුව නම් මේ වර්ගයේ කර්මාන්තයන්ට ආධාර අනුබලදී රටක ආර්ථිකයක් සහ විනිමය සංචිතයක් වර්ධනය කල හැකිද යන්නෙහිය.

මේ අනුව ගත් කල පාරජාතික සමාගම් වලට රට තුලට පැමිනෙන්නට ඉඩ නොදී මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සහයද නොමැතිව රට ගොඩනැගීමේ මුග්ධ ප්‍රවාද වූ කලී පෙර රජ දවස ඊනියා ස්වයංපෝෂිත අභිමානයකට නැවත පනපොවන මෝඩ ජනප්‍රියවාදයන් පසුපස බඩගාන දේශපාලන ප්‍රවර්ධන කටයුත්තක් පමණි. ඒ හැර එහි කිසිදු විද්‍යාත්මක දැක්මක් හෝ පදනමක් නොපවතී.

එසේම මේ තුල යම් පමණකට කාම්බෝජයේ සුළුධනේෂවර කෙම්රුජ් ව්‍යාපාරය අනුගමනය කල ගැමි ආර්ථිකයට පල්ලම් බැසීමේ පොල්පොට් දර්ශනයද පවතී. පොල්පොට් දර්ශනය යනු ලෝකයට අගුළුදාගෙන රට වසාගෙන පාරම්පරික ප්‍රාථමික නිශ්පාදනයක් මත යැපෙන ගෝත්‍රික සමාජයක් රට තුල නිර්මාණය කරගැනීමය, සහ ඊට එරෙහි වන්නන් ජාතියේ සහ සමාජවාදයේ ද්‍රෝහීන් ලෙස සලකා සමූළ ඝාතනය කර දැමීමයි.

මෙහිදී නැවතත් ලාංකීය ප්‍රධාන දේශීය කර්මාන්තය වූ වී වගාව ගැන කතාකරන විට වී ගොවියාට රජය විසින් ලබාදෙන ආධාර වල ප්‍රතිලාබ රජයට හෝ ගොවියාට හෝ නැවත නොලැබේ. නමුත් මේ අබළන් ගොවිතැන රැකගැනීම සඳහා කෙසේ හෝ මේ ආධාර ගෙවීම ගෙවිය යුතුවේ. නමුත් මේ නිශ්පල ගෙවීම සාකච්චාවට පවා බඳුන් නොවේ. බොහෝවිට මේ ගෙවීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගන්නේ ලෝකයට තවතවත් ණය වීමෙනි. එවන් පසුබිමක් මත මෙකී දේශීය කර්මාන්ත මත රජය වැඩි වියඳමක් දැරීම තුල රට දියුණු කිරීම කෙසේවෙතත් ජාතියේ ණය බර වැඩිවී රට තවතවත් බංකොලොත් අගාදයකට වැටීමක් නම් සිදුවිය හැකිය.

ප්‍රාග්ධනයේ පරිමාව ජාතික සීමාව ඉක්මවා යනවිට පාරජාතික ප්‍රාග්ධනයට සාපේක්ෂව ජාතික සීමාවේ පවතින රජය මැදිහත්වී කරන ව්‍යවසායකත්වයන් පසුතලයට විසිවේ. ඒ අනුව මේ යුගයේ ප්‍රාග්ධනය පමණක් නොව ඒහා බද්දවූ ඩිජිටල් හා විශේෂඥ තාක්ෂණයද පවතින්නේ පාරජාතික ප්‍රාග්ධනය සතුවය.
මේ තත්වය තුල විශේෂයෙන්ම ලංකාව වගේ රටකට පාරජාතික ප්‍රාග්ධනය සඳහා රට තුල ආයෝජනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සහ ඔවුන්ට රට තුලට පැමිණීම සඳහා අවශ්‍ය ආරාධනාවන් නොකර රට තුල පවතින තාක්ෂණික සහ නිශ්පාදන සීමාවන් ජයගත නොහැකිය.

මේ තත්වය පැහැදිලි කරගැනීම සඳහා හොඳම උදාහරණය ලෙස අසල්වැසි ඉන්දියානු රජය ඔවුන්ගේ රටේ කර්මාන්ත සංවර්ධනයට අදාලව ගත් ජාත්‍යන්තර උපායමාර්ගය දෙස බලමු. මීට කලකට පෙර ඉන්දියාව තුල මෝටර් රථ හා යතුරු පැදි සම්බන්ද ඉහල තාක්ෂණික ඥානය තිබුනේ නැත. එහිදී ඉන්දියානු රජය මේ සම්බන්ද තාක්ෂනික ඥානය තිබු හොන්ඩා, යමහා, සුසුකි වැනි දැවැන්ත සමාගම් වලට කර්මාන්ත සඳහා ආයෝජනය කිරීමට රට තුලට ආරාධනා කලේය. අනතුරුව දීර්ඝ කාලීන ව්‍යාපෘතියක් හරහා පෙරකී සමාගම්වල තාක්ණික ඥානය රට තුලට යම් තරමකට හෝ උරාගත්තේය. එසේම අදාල කර්මාන්ත කරනයට අවශ්‍ය ජාත්‍යන්තර ණයද ලබාගත්තේය. එසේ නොමැතිව පිටත ලෝකයේ තාක්ෂණය හා ප්‍රාග්ධනය බැහැර කොට පරණ දේශීය කර්මාන්ත කරනය හරහා රට දියුණු කරන රොමෑන්ටික් ජාතිකවාදයකට ඔවුන් ගියේ නැත.

මෙකී පාර ජාතික ප්‍රාග්ධනයට වැට බැඳ මුල්‍ය අරමුදලෙන් ගේම ඉල්ලා දේශීය ආර්ථිකය හරහා රට ගොඩ දමන පම්පෝරි යනු බහුතර සුළුධනේෂවරය සතුටු කිරීම සඳහා ඇදබාන හිස් පම්පෝරි පමනක් ලෙස ලෙස මෙහිදී අපට අර්තකතනය කරගත හැකිය.

රාජ්‍යයක ආර්ථිකය බංකොලොත් වූ විට සහ එකී රාජ්‍යයේ ණය ගෙවීමේ සක්‍යතාවය ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වලට අනුව (රේටින්ස් වලට අනුව) පහලට වැටෙන විට ජාත්‍යන්තර ණය දෙන මධ්‍යස්තාන එකී රට නොසලකා හරී, එමෙන්ම එකී රාජ්‍ය සමඟ ද්වීපාර්ශවික ආර්ථික ගිවිසුම් වලට කිසිදු රටක් නොපැමිනේ. මෙය බයානක තත්වයකි.

පසුගිය සමයේ චීනය ලංකාව සම්පූර්ණයෙන්ම නොතකා හැරිමට බලපෑ එක් හේතුවක් වූයේද එකී පසුබිමයි. මෙහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු එවන් ව්‍යාසනයන්ට ජාතින් ඇදවැටීමෙන් වලක්වා ගැනීම උදෙසාම ස්තාපිත කල ආයතනයකි. ටැන්සානියාව, සෝමාලියාව වැනි රටවල් පසුගිය කාලය තුල මුහුණ දුන් අතිබයානක සාගතයට හේතුවූයේද පෙරකී බංකොලොත් පසුබිමයි. අවසානයේ මහා ඛේදවාචකයකට පසුව හෝ එකී රටවල් ගොඩට පැමිනියේද බටහිර ජාත්‍යන්තරයේ මුල්‍යමය හා තාක්ෂණයේ සහයෙන්මය.

මෙහිදී මුල්‍ය අරමුදල වෙත ගොස් සාර්තක වූ මෙන්ම අසාර්ථක වූ රටවල්ද ඇත. එයටද බලපානු ලබන්නේ මුල්‍ය අරමුදල වෙත යන රාජ්‍යය මුල්‍ය අරමුදලේ තාක්ෂණික නිර්දේශ අනුගමනය කරන්නෙද නැත්නම් ලංකාව සේ ණය ගැනීමෙන් පසු අත්තනෝමතික ලෙස දේශීය බැදිවල යන්නේද යන කාරනාව මතය.

මෙහිදී බලය පේන තෙක්මානයකවත් නැති දේශපාලන බලවේගයකට මෙසේ මුල්‍ය අරමුදලට සහ බහු ජාතික ප්‍රාග්ධනයට එරෙහි ලුම්පිත සුළුධනේෂවරයට ඇඩ්‍රස් කල හැකිය. නමුත් බලයට කිට්ටු දේශපාලන බලවේගයක් සම්බන්දයෙන් ගත් කල මෙය නරක ප්‍රතිවිපාක ලබාදෙන සංසිද්ධියක් විය හැකිය. මන්ද යම් හෙයකින් ඔවුන්ට මැතිවරණයක් හරහා බලය ලැබුනහොත් මුල්‍ය අරමුදලේ සහ පාරජාතික ප්‍රාග්ධනය වෙත ඔවුන්ට හැරීමට නොහැකි පසුබිම තුල රට කබලෙන් ලිපට වැටෙනු ඇත.

අනෙක් පැත්තෙන් මේ විකාර ප්‍රලාප මතින් බලයට පත්වෙන බලවේග දෙස මුළ්‍ය අරමුදල හෝ ජාත්‍යන්තර ආයෝජකයන් පැත්ත පලාතවත් නොබලා සිටීමටද ඉඩ ඇත. එහිදී විකල්පය ලෙස ඔවුන්ට ඉතිරිවන්නේ කොන්දේසි විරහිතව ලොව ප්‍රකට ආර්ථික ඝාතකයෙකු වන චීනයට යටත් වීමටය. නැතහොත් පොල්පොට්ගේ මාවතේ යෑමටය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan