Wednesday, May 31, 2023
spot_img

Latest Posts

සයින්දමරුදු බෝම්බයෙන් සාරා මිය ගිහින් – තුන්වැනි DNA වාර්තාවෙන් තහවුරු වෙයි

2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂිත නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් මියගිය පිරිස අතර සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්‍රන් නමැත්තිය ද සිට ඇති බව විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු වී ඇතැයි පොලීසිය පවසයි.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තුන්වැනි වර ලබාගන්නා ලද සියලු සාම්පල පිළිබඳව කරන ලද DNA පරීක්ෂාවෙන් මෙය තහවුරු වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සාරා ජෙස්මින්ගේ මවගෙන් ලබාගත් DNA සාම්පල සහ බෝම්බ පිපිරීම සිදුවූ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස්වල DNA සාම්පල වලින් මවකගේ සහ දරුවකුගේ ජීවවිද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිඵල ලැබී ඇති බවත් එහි සම්භාවිතාව 99.99% ක් බවත් පොලිසිය ප්‍රකාශ කරයි.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.